Gossip

බන්ධනාගාර තුනකටත් කොරෝනා භීතියක්

කෙසෙල්වත්තේ නියාමකවරයෙක් නිවාඩු ලබා දී තිබියදීත් සෙසු නිලධාරීන් ඇසුරු කිරීමට පැමිණිලා

කොළඹ 12 කෙසෙල්වත්ත පොලිස් ස්ථානය ආසන්නයේ පදිංචි බන්ධනාගාර නියාමකවරයකු පසුගිය දිනවල බන්ධනාගාරයට පැමිණ බැරැක්කවලට  ගොස් අනෙකුත් නිලධාරීන් සමග කැරම් ආදී විවිධ ක‍්‍රීඩාවල යෙදී සමීපව කටයුතු කිරීම නිසා මේ වන විට වැලිකඩ,  මැගසින් සහ කොළඹ රිමාන්ඞ් යන බන්ධනාගාර තුනේම නිලධාරීන් අතරේ දැඩි කොරෝනා බියක් පැතිර ගොස් තිබේ.

මැගසින් බන්ධනාගාරයේ රාජකාරී කරන නියාමකවරයකු වන මෙම නිලධාරියාට පවතින තත්ත්වය හමුවේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් නිවාඩු ලබා දී තිබියදී ඔහු මෙසේ බන්ධනාගාරයට පැමිණ සෙසු නිලධාරීන් ඇසුරු කර ඇතැයි උසස් බන්ධනාගාර නිලධාරියෙක් පැවැසීය.

නමගිය පාතාල මත්කුඩු ජාවාරම්කරුවකුගේ බිරිදගේ නැගණියක් සමග සමීප සබදතාවක් පවත්වාගෙන යන මෙම නිලධාරියා මීට පෙර වැලිකඩ බන්ධනාගාරයේ රාජකාරි කරමින් සිටියදී විනය විරෝධී කි‍්‍රයා හේතුවෙන් මැගසින් බන්ධනාගාරයට මාරු කළ අයකු බවද බන්ධනාගාර නිලධාරීහු පවසති.

ඇතිවී තිබෙන තත්ත්වය හමුවේ රාජකාරි අවසන් කරන බන්ධනාගාර නිලධාරීන් මේ වන විට සිය අඹු දරුවන් කොරෝනාවට බිලි වෙතැයි භීතියෙන් නිවෙස් වෙත යෑමටද බයක් දක්වන බව ඉහත උසස් බන්ධනාගාර නිලධාරියා සදහන් කළේය.

සමන් ගමගේ

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!