Gossip

ඇමරිකාවත් කොරෝනා මරණ ගැන බොරු කිව්වද ?

කොරෝනා වෛරස් වසංගතය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය දැන සිටි  කිසිදු තොරතුරක් ඇමරිකා එක්සත් ජනපදයෙන් සැඟවුයේ නැති බවත් වසංගතය පැතිරීම ආරම්භ වූ මොහොතේ සිටම මෙම වෛරසය යක්ෂයෙකු  බව හා එයට එරෙහිව සැවොම සටන් කළ යුතු බවට සංවිධානය අනතුරු අඟවා සිටි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක ජෙනරාල් ටෙඩ්රෝස් ඇඩ්හැනම් ගෙබ්රේයෙසුස් මහතා   ස්විට්සර්ලන්තයේ ජිනීවා නගරයේ පැවති ප්‍රවෘත්ති සාකච්ජාවක් අමතමින් ප්‍රකාශ කර තිබේ .

“ලෝක සෞඛ්‍ය සංවිධානයට කොරෝනා වසංගතය ගැන සැඟවීමට කිසිවක් නැහැ  .මෙම වසංගතය පැතිර යාම ආරම්භ වූ පළමු දිනයේ සිට ඇමරිකා එක්සත් ජනපදයෙන් කිසිවක් සඟවා නැහැ ” යැයි  ඔහු සඳහන් කළේය .

කොරෝනා වසංගතය පැතිරීම පිළිබඳව මුල සිටම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිසි තොරතුරු ලබා නොදුන් බව පවසමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එම සංවිධානයට සපයන අරමුදල් අත්හිටුවීමට පසුගියදා පියවර ගත්තේය .

ඒමන්ති මාරඹේ

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!