Gossip

බහින්බස්වීමක් දුරදිග ගිහින් බිරිඳ සැමියාගේ ගෙල කපා ඝාතනය කරලා

කටුගස්තොට පොලිස් වසමේ යටිවාවල, කටුගස්තොට ලිපිනයේ පිහිටි නිවසක් තුළ සැමියා හා බිරිඳ අතර ඇති වු බහින්බස් වීමකින් බිරිඳ විසින් සැමියා ඝාතනයට ලක් කර තිබෙනවා..

ඊයේ(20) සවස 3.30ට පමණ මෙය සිදුව ඇති බවයි පැවසෙන්නේ.
බිරිඳ විසින් සැමියාගේ ගෙල කපා දැමීමෙන් පසුව ඇය පොරවකින් ද හිසට පහර දී බරපතළ තුවාල සිදු කර ඇතැයි පොලීසිය පවසනවා..පසුව තුවාලකරු මහනුවර ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබෙන අතර මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 42ක් වු යටිවාවල, කටුගස්තොට ලිපිනයේ පදිංචිකරුවෙක් බව සඳහන්.

මව්බිම.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!