Gossip

කොරෝනා අර්බුදය මැද, ජෛව ත්‍රස්ත ප්‍රහාරයක අවදානමක් – ජගත් මහලේකම් හදිසියේම කළ අනතුරු ඇඟවීම

ලොව පුරා රජයන් කොරෝනා වෛරස් ගෝලීය වසංගතය කෙරෙහි අවධානය යොමු කරමින් සිටියදී ත්‍රස්තවාදීන් එය අවස්ථාවක් කරගෙන ප්‍රහාර එල්ල කිරීමේ අවදානමක් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් පවසනවා.

විශේෂයෙන් එමගින් ජෛව රසායනික ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීම පිළිබදව ඔවුන්ට ඉඟියක් ලබාදෙන බවයි මහලේකම්වරයා පවසා ඇත්තේ.වෛරස් සාම්පල රාජ්‍ය නොවන කණ්ඩායම් අතට පත්වීම අවදානම්සහගත වන අතර, එමගින් ලොව පුරා ජන සමාජයන් වෙත දැවැන්ත විනාශයක් සිදුකළ හැකි බව ජගත් සංවිධාන මහලේකම් අන්තෝනියෝ ගුටේරස්ගේ අදහසයි.

මහලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලය අමතමින්.
ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ කොරෝනා වෛරස් ගෝලීය වසංගතය හේතුවෙන් ජාත්‍යන්තර, කලාපීය සහ ජාතික ගැටුම් විසදුම් ක්‍රියාවලි පිළිබද අවධානය ගිලිහී ගොස් ඇති බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!