කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය නිසා මේවනවිට ලෝකයක් අරසණවී තිබෙනවා.
වෛද්‍යවරුන් සහ පර්යේෂකයින් මෙම වෛරසයට තවමත් පිළියම් සොයමින් සිටින මොහොතක අන්තර්ජාලය පුරා හුවමාරු වෙන පුවතක් ගැන කාගේත් අවධානය යොමුව තිබෙනවා.
ඒ් CNN විසින් වාර්තා කළා යැයි කියන තේ මගින් කොරෝනා වෛරසය සුවකළ හැකියි යන පුවතක්.
මෙම කොරෝනා වෛරසය මුලින්ම සොයාගත් සහ එම වෛරසයෙන්ම මියගිය චීන වෛද්‍යවරයා ලේඛනගත කළා යැයි පවසමින් CNN පුවත් සේවය මෙම පුවත වාර්තා කර තිබූ බවට සමාජ මාධ්‍යන්හි විවිධ රටවල පුද්ගලයන් සඳහන් කර තිබුණා.
එම සටහන් වල දැක්වුණේ අදාල චීන වෛද්‍යවරයා වන ලී වෙන්ලියන්ග් සිය ලිපිගොනු මගින් කොරෝනා සඳහා ප්‍රතිකාරකයක් යෝජනා කර ඇති බවයි.
ඒ් නම් ඉන්දියාවේ තේ මේ සඳහා ප්‍රතිකාරයක් වන බවයි.
කෙසේ වෙතත් එලෙස වාර්තා කළ පුවතක් CNN පුවත් සේවය ප්‍රචාරය කර ඇති බව සොයා ගැනීමට නැහැ.
මෙම පුවත ෆේස්බුක් වට්ස්ඇප් සහ ට්විටර් හරහා ශ්‍රී ලංකාවේද හුවමාරු වෙමින් තිබෙනවා.
කෙසේ වෙතත් එවැනි සාක්ෂියක් නොමැති බවත් මෙම පුවත බොරුවක් බවත් එවැනි පුවතක් හුවමාරු වීම ගැටලු සහගත බවත් ඉන්දියා ටුඩේ පෙන්වා දී තිබුණා.
