විදෙස් ගතව සිට ශ්‍රී ලංකාවට පැමිණ නිරෝධායනයට ලක් කෙරුණු පළමු කණ්ඩායම අද (24) නිවෙස් බලා පිටත්ව යාමට නියමිතයි.
යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා සඳහන් කළේ පුද්ගලයින් 311 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙලෙස නිරෝධායන මධ්‍යස්ථාන වලින් පිටව යාමට නියමිත බවයි.
මොවුන් ඉතාලිය, ඉරානය සහ දකුණු කොරියාවේ සිට පැමිණි අය බවද යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.
ඒ අනුව පූනානි මධ්‍යස්ථානයේ සිටි 203 දෙනෙකු සහ කන්දකාඩු මධ්‍යස්ථානයේ රැදී සිටි 108 දෙනෙකු මෙලෙස නිවෙස් බලා පිටව යනු ඇති.
