මොණරාගල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු පහලොවක පාසල් දරුවෙකුට ලිංගික අපයෝජනයක් සිදු කල බවට සැකපිට පාසල් ගුරුවරියක් මොණරාගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බවට වාර්තා වෙනවා.
පාසල් දරුවාව අපයෝජනය කළ ගුරුවරියගේ දරුවාද මෙම අපයෝජනය සිදු වූ බව කියන දරුවාගේ පංතියේ ඉගෙනුම ලබන අතර එම දරුවාට අමතර පංතියක් ඇති බවත් ඒ සදහා නිවසට පැමිනෙන ලෙස අදාල ගුරුවරිය දැනුම් දී තිබෙනවා.
පසුව එම සිසුවා ගුරුවරියගේ නිවස වෙත ගොස් තිබෙන අතර එහිදී නිවසේ කිසිවෙකු සිට නොමැති අතර එම අවස්ථාවෙදී ගුරුවරිය තමන්ව ලිංගික අපයෝජනයකට ලක් කල අදාල සිසුවා පොලිසියට පවසා තිබෙනවා.
පසුව මෙම සිද්ධිය ට සම්බන්ධ පාසල් ගුරුවරිය මොණරාගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇය අද මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන අතර පාසල් සිසුවා වෛද්‍ය පරීක්ෂණයක් සදහා රෝහල් ගත කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන මොණරාගල පොලිසිය සිදු කරන බවට පොලිසිය පවසනවා
