හොලිවුඩ්

කෙල්ලෝ 400ක් එක්ක සැතපුණු කොල්ලට වුණු වැඩේ!

boys

ෆේස්බුක් ට්විටර් වලින් කෙල්ලෝ හොයන කොල්ලෝ ඕනි තරම් ඉන්නවා. සමහර වෙලාවට හැන්ඩියා වගේ ෆොටෝ දාලා ඒවට රැවටෙන කෙල්ලෝ ඉතින් අන්තිමේ ජීවිතෙත් එපා කියලා මැරුණු කතාත් අපිට අහන්න ලැබෙනවා.

මේ කියන්න යන්නේ ඒ විදියට ට්විටර් එකෙන් කෙල්ලෝ 400ක් එක්ක යාලුවෙලා එයාලා එක්ක කරන්න ඕනි නරක වැඩ ඔක්කොම කරපු කොල්ලෙක් ගැන කතාවක්. සමහරුනම් මෙයා වැඩ්ඩෙක් කියලා කියයි. හැබැයි එයානම් කියන්නේ තමන් මේ කරපු වැඩේ ගැන දැන් ඉන්නේ කළකිරිලා කියලා.

ඔහුගේ නම බෙනී, ජීවත් වෙන්නේ එංගලන්තේ. ට්විටර් එකේ Followers 9000ක් මෙයාට ඉන්නවා. වයස අවුරුදු 22ක් වුනාට ඔහුගේ පෙනුම නිසා වගේම කියන කතාවලට අහුවුණු තරුණියෝ 400ක් මෙයා එක්ක එකට ඉඳලා තියෙනවා. හැබැයි ඒකේ සීමාව ඉක්මවලා යන්න වැඩි කාලයක් ගිහින් නෑ,

මේ විදියට පවත්වපු සම්බන්ධතා නිසා මෙයාට කෙල්ලෝ එපා වෙලා, ඇත්තටම ඒ විදියට කෙල්ලෝ තමන්ගේ පස්සෙන් ආවේ කාමුක හැගීමකට මිසක් හදවතට දැනුණු ආදරේ නිසා නෙවෙයි කියලා ඔහු කියනවා. ඒ වගේම සමහර සම්බන්ධතා එක දවසින් ඉවරවුණු අවස්ථා ඕනි තරම් තියෙනවා කියලා බෙනී කියනවා.

යාළුවෝ හොයාගන්න කියලා ආව ට්විටර් එකෙන් තමන්ගේ ජීවිතය මේ වගේ විනාශ වෙලා යයි කියලා ඔහු කවදාවත් හිතුවේ නෑලු. ඒ වගේම කෙල්ලෙක් එක්ක ඉන්නකොට තියෙන හැඟීම දැන් ඔහුට නෑ කියලා තමයි බෙනී කියන්නේ.

අපේ අයත් ඕනි තරම් ෆේස්බුක් ඇවිත් කෙල්ලෝ ගැන හොයනවා, යාලුකරගන්න විදි ගැන හොයනවා. ඒ කරන්න කලින් මේ වගේ දෙවල් ගැනත් පොඩ්ඩක් හොයලා බැලුවොත් හොඳයි, මොකද කෙල්ලෝ පස්සෙම ගිහින් ජීවිතේ නැතිකරගන්න එක නෙවෙයි වෙන්න ඕනි.

1 boys

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!