දිවුලපිටිය කොටදෙණියාවේ තරුණයෙකු විදුලිසර වැදී මියගොස් තිබෙනවා.
ඊයේ (24) අලූයම් කාලයේ දී තම දුරකථනයේ බැටරිය ආරෝපණය කිරීමට විදුලි බලය ලබාදීමට යාමේදී මොහුට විදුලිසර වැදී තිබෙනවා.
ඔහු දිවුලපිටය රෝහල වෙත රැුගනගියත් ඒ වන විටත් මිය ගොස් සිටි බවයි අප වාර්තාකරු පැවසුවේ.
මෙලෙස මියගොස් ඇත්තේ නයිනායක පතිරණලාගේ මිතුන් මිගාර නමැති විසිපස් හැවිරදි තරුණයකි. ඔහුට එක් සහෝදරයෙක් මා සහෝදරියෝ දෙදෙනෙක් සිටිනවා.
