හොලිවුඩ්

මහ දවාලේ තරුණ යුවළකට කළ අපරාධය ජංජාලයක් වෙයි (වීඩියෝ)

india

කුල බේදයක් නිසා ඉන්දියාවේ ඉංජිනේරු ශිෂ්‍යයෙකුට ජීවිතය හැර දමා යන්න සිදු වෙලා. හැබැයි ඒ ඔහුගේ කැමැත්තෙන් නෙමේ පිරිසක් විසින් ඔහුගෙන් ජීවිතය උදුරා ගැනීම නිසා.

මේ සිද්ධිය වෙලා තියෙන්නේ තමිල්නාඩුවේ මහා මාර්ගයක.

වයස අවුරුදු 22ක් වන මේ ඉංජිනේරු ශිෂ්‍යයා, වයස අවුරුදු 19ක තරුණියක්ව මීට මාස අටකට පෙර දෙමාපිය කැමැත්තත් සමඟ විවාහ වෙලා තියෙනවා.

දෙන්නම දෙමළ වුණාට කුල දෙකක්. නමුත් දෙමාපියන් මේකට අකමැති වෙලා නැහැ. හැබැයි ගෑණු ළමයාගේ පැත්තේ මාමා කෙනෙක් වගේම තවත් නෑයින් කිහිප දෙනෙක් මේ විවාහයට අර ශිෂ්‍යයා ගේ කුලයට අකමැති වෙලා තියෙනවා. මේ නිසා ඔවුන් ඉඳලා තියෙන්නේ දැඩි කෝපයකින්..

විවාහ වී මාස නවයකට පසු තමිල්නාඩුවේ මහා මාර්ගයක ගමන් කළ මේ ශිෂ්‍යයාට සහ ඔවුගේ බිරිඳට පුද්ගලයින් තුන් දෙනෙකු විසින් තියුණු ආයුධවලින් පහරදීලා තියෙනවා. ඒ සිද්ධිය ඒ අසළ තිබ්බ සීසීටීවී කැමරාවකත් සටහන් වෙලා තියෙනවා.

මේ පහර දීමෙන් ශිෂ්‍යයා මරණයට පත් වුණා. ඔවුගේ බිරිඳට ඉන්නේ බරපතළ තුවාල ලබා අසාධ්‍යය තත්ත්වයක. පොලිසියෙන් මේ සිද්ධියට සැකපිට අර මාමාව හොයනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!