පළාත් පාලන මැතිවරණයත් සමග මේ වනවිට දේශපාලනය තුළ විවිධ කතා මතුවෙමින් පවතිනවා.
ඒ අතර අග්රාමාත්යවරයා ධුරයෙන් ඉවත් විය යුතු බවත් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේද වෙනසක් සිදුවිය යුතු බවත් පවතින ආණ්ඩුව විසුරුවිය යුතු බවත් කියැවෙනවා.
මේ අතර ඊයේ දිනයේ ගෝඨාභය රාජපක්ෂ මහතාද දිවයිනට පැමිණියා.
කෙසේවෙතත් එළැඹෙන ජනාධිපතිවරණයට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වන අපේක්ෂකයා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බවට වාර්තා වනවා.
ඒ සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ග්රීන්කාර්ඩ් පුරවැසිභාවය අහෝසි කර ගැනීමට ලියකියවිලි භාර දී තිබෙන බවද වාර්තා වනවා.
මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ග්රීන්කාර්ඩ් පුරවැසිභාවය අහෝසි කරන්නට කර ඇති ඉල්ලීමද විකිපීඩියා තුළ සඳහන් වුණා.
මේ එය සඳහන් වූ අයුරුයි.
