Gossip

1995 දී මුරලි පන්දුව දමා ගැසුවාද? -හිටපු ඕස්ට්‍රේලියානු නායකයා වසර 22කට පසු කිව්ව දේ මෙන්න

මුත්තයියා මුරලිදරන් කියන්නේ ක්‍රිකට් ඉතිහාසයේ බිහිවූ සාර්ථකම දඟ පන්දු යවන්නෙක් කීම අතිශයෝක්තියක් නොවේ. ඒ තරමටම මුරලි දක්ෂතා අතර සිටි ක්‍රීඩකයෙක්.

මුරලිට ආදරය කරන ප්‍රේක්ෂකයන්ට අද වගේ දවසක් නම් අමතක වෙන්න විදියක් නෑ.

ඒ තමයි 1995 අද වගේ දවසක MCG ක්‍රීඩා පිටියේදී ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියාව අතර ටෙස්ට් තරගයක් පැවැත්වුණා. එම තරගයේ විනිසුරුවන් ලෙස කටයුතු කලේ ඔස්ට්‍රේලියානු ජාතික ඩැරල් හෙයාර් සහ නවසීලන්ත විනිසුරු ස්ටීව් ඩන්. මුරලි පන්දුව දමා ගසන බවට චෝදනා කරමින් හෙයාර් විනිසුරු විසින් සත් වරක් ඔහුව නිපන්දුකරණය කළේ අද වගේ දවසක.

තම ක්‍රීඩා දිවිය පුරාම විවිධ අවස්ථාවල මුරලිගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව කථාබහට ලක්වී තිබෙනවා. දැනට පවතින සියඵම රසායනාගාර පරික්ෂණ මඟින් මුරලිගේ පන්දු යැවීමේ නිරවද්‍යතාවය ඔප්පු කිරීමට සමත් වුවත් අදටත් ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට සහ ඔහුව ක්‍රීඩාවේ තබා ගැනීම සඳහා ක්‍රිකට් පොතේ නීති වෙනස් කල බවට විශ්වාස කරන පිරිස් සිටිනවා.

මේ අතර එම තරගයේදී මුත්තයියා මුරලිදරන් පන්දුව දමා ගසන බවට කළ චෝදනාව ආසාධාරණ යැයි හිටපු ඕස්ට්‍රේලියානු නායක ස්ටීව් වෝ පවසයි.

ක්‍රිකට් ඕස්ට්‍රේලියා වෙබ් අඩවිය සමග එක්වෙමින් තමයි ඔහු මේ බව ප්‍රකාශ කරලා තියෙන්නේ.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ ඔහු මුරලිගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳ ගැටලුවක් තිබුණා නම් එය තරඟයට පෙර විසඳාගතව තිබූ බවත්,ඩැරල් හෙයාර් මෙන්ම විනිසුරු රෝස් එමර්සන්ද මුරලිට එම චෝදනාව එල්ල කළේ ඔහුට අගෞරව කිරීමේ අරමුණින් බවද පවසා තිබෙනවා.

‘‘එය ඔහුටම ආවේනික ඉරියව්වක්… ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නීත්‍යානුකුලයි කියලායි මම හිතන්නේ . මම හිතන්නෑ ඔහු පන්දුව දමා ගැසුවා කියා..මුරලිට ඒදා වුණ දේ ආසාධාරණයි‘‘..යැයි පවසා තිබෙනවා.

මුරලිට මෙම චෝදනාව එල්ලවූ ටෙස්ට් තරඟයට ස්ටීව් වෝද ක්‍රීඩා කර තිබීම විශේෂත්වයක්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!