ලොව පුරා කොරෝනා වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වනවිට විසි හතර ලක්ෂ අසූ දහස් පන්සීය ඉක්මවා තිබෙනවා.
කොරෝනා මරණ සංඛ්‍යාව මේ වනවිට එක් ලක්ෂ හැත්තෑදහස ඉක්මවා ඇති බවයි නවතම වාර්තාවල දැක්වෙන්නේ.
මෙම මරණ අතුරින් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙන්.
එරට ආසාදිතයන් සංඛ්‍යාව 7 92,000 ඉක්මවා තිබෙනවා.
මෙම වෛරසය පැතිරීම ආරම්භ වූ චීනයේ වුහාන් නුවර අධිආරක්ෂිත ජෛව සුරක්ෂිත පරීක්ෂණාගාරය ඇමරිකාවේ අවධානයට ලක්ව ඇති බව වාර්තා වනවා.
චීන විද්‍යාඥයන් පවසන්නේ මිනිසාට වෛරසය ආසාදනය වූවේ වුහාන් නගරය වනසත්ව මස් වෙළදපලෙන් බවයි.
වෛරසය අත්වැරදීමකින් හෝ මුදාහරින බවට ඇති සැකය හේතුවෙනුයි වුහාන් නුවර අධිආරක්ෂිත ජෛයව සුරක්ෂිත පරීක්ෂණගාරය ගැන ඇමරිකාවේ අවධානය යොමුව ඇත්තේ.
මෙලෙස වුහාන් වෛරස බැංකුව පරීක්ෂාවට ලක්කළ යුතු බව සදහන් කර ඇත්තේ ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ විසින්.
ප්‍රංශ ජෛව රසායනික සමාගමක් උපදේශකත්වය සැපයූ එම පරීක්ෂණාගාරය නිපදවීමට වැය කර ඇති මුදල යුආන් මිලියන 300 කට අධිකයි.
වෛරස සාම්පල මෙහි රදවා ඇත්තේ සිලින්ඩරාකාර අධිආරක්ෂිත කොටසකයි.
තවද ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් චීනයෙන් ඉල්ලා සිටින්නේ කොරෝනා වෛරසයේ ආරම්භය ගැන විනිවිද භාවයකින් යුතුව කරුණු ඉදිරිපත් කරන ලෙසයි.
චීනයේ වුහාන් ජෛව පරීක්ෂණාගාරය තුල 1500 කට අධික වෛරස් එකතුවක් ඇති බවද සඳහන්.
