15 හැවිරිදි දැරියක මව්පිය භාරකාරත්වයෙන් අපහරණය කර දූෂණය කළ බවට සැකපිට දෙදරු පියකු ඉකුත් 10 වැනිදා අත්අඩංගුවට ගන්නා ලදැයි මින්නේරිය පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වව්නියාව පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු දැරියගේ නිවසේ කුලීකරුවකු ලෙස සේවය කර ඇති අතර නිවසේ මව්පියන් නොමැති අවස්ථාවකදී දැරිය දූෂණය කර ඇත. වෛද්‍ය පරීක්ෂණයක් සඳහා දැරිය පොලොන්නරුව මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යවා තිබේ.
මින්නේරිය පොලිසිය මඟින් වැඩිදුර පරීක්ෂණ පවත්වති.