Gossip

11 වැනිදා රට විවෘත කළොත් මොකද වෙන්නේ..? – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙළි කළ කතාව මෙන්න

ලබන 11 වැනිදා සිට රට විවෘත කරනු ලැබුවත් යම් ප‍්‍රදේශයකින් කොරෝනා වසංගත තත්වය නැවත වර්ධනය වීමක් සිදු වුවහොත් එම ප‍්‍රදේශ නැවත වසා දැමීමට රජය කටයුතු කළ යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටිනවා.
රජය විසින් රට විවෘත කරනු ලබන්නේ කොරෝනා අවදානම රටෙන් ගිලිහී නොමැති අවස්ථාවක බවත් එම නිසා රජය දැඩි අවධානයෙන් සිට රට විවෘත කිරීම යම්කිසි ක‍්‍රමවේදයකට සිදු කිරීම අවශ්‍ය බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් නවීන් ද සොයිසා මහතා පවසනවා.
මේ වන විට දිනකට පීසීආර් පරීක්ෂණ 1600කට ආසන්න ප‍්‍රමාණයක් සිදු කරන බවත් තම සංගමයේ මතය දිනකට එවැනි පරීක්ෂණ 2500ක්වත් සිදු කළ යුතු යැයිද ඒ මහතා සඳහන් කරනවා.
රටේ පවතින තත්වය ගෙන බැලීමේ දී යම් සුබදායී තත්ත්වයක් පෙන්නුම් කරනු ලැබුවත් රට විවෘත කිරීමෙන් පසු ඇතිවිය හැකි අවදානම ගැන නිරන්තරයෙන් අවධානයෙන් සිටිය යුතු බවත් කී ඒ මහතා මෙම රෝගය තවත් වසරක්වත් යනතෙක් වාර්තා විය හැකි යැයි ද කීය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!