කොරෝනා වෛරසය ආසාදනය වී බ්‍රිතාන්‍යයේ බර්මිංහැම් නගර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 106 හැවිරිදි වියෙහි පසුවන බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් සම්පුර්ණ සුවය ලබා රෝහලින් නික්ම ගොස් තිබේ .කොනි ටිට්චෙන් නමැති මෙම මී මිත්තණිය මෙසේ රෝහලින් මුදා හැර ඇත්තේ සති තුනක කාලයක් කොරෝනා වෛරස් ආසාදනය සඳහා ප්‍රතිකාර ලැබීමෙන් පසුව බව බී බී සී පුවත් සේවය පවසයි .විශ්‍රාමික සාප්පු සේවිකාවක වන ටිට්චෙන් මහත්මිය බ්‍රිතානයේ කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබු වයස්ගතම කෙනා සේ සැළකුණද මෙතෙක් නිකුත් කර ඇති කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ වයස්ගතම පිරිසගේ ලැයිස්තුවේ සිටින සියලු දෙනා ඇයට වඩා වයසින් බාල වීම නිසා ටිට්චෙන් මහත්මිය කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ ලොව වයස්ගතම කාන්තාව විය හැකි බවටද මත පළ වී තිබේ .
බර්මිංහැම් නගරයේ පදිංචිව සිටින ටීට්චෙන් මහත්මිය නිවුමෝනියා උණ බවට සැක කෙරෙන උණ රෝගයකින් පෙළීම හේතුවෙන් මාර්තු මැද භාගයේදී රෝහල්ගත කර තිබේ .ඇය රෝහල්ගත කිරීමෙන් පසුව වෛරසයට එරෙහිව හොඳින් සටන් කළ බවත් එයට හේතු වන්නට ඇත්තේ ඇය සැබෑ ජීවිතයේ ක්‍රියාශීලී කාන්තාවක් වීම විය හැකි බව ටිට්චෙන් මහත්මිය ප්‍රතිකාර ලැබූ බර්මිංහැම් රෝහලේ පාලනාධිකාරය පවසයි .
රෝහල් කාර්යමණ්ඩලයේ අත් පොළසන් නාදය මැද සුවය ලබා රෝහලින් නික්ම යන අවස්ථාවේ ටිට්චෙන් මහත්මිය ප්‍රකාශ කර ඇත්තේ තමාට තම පවුලේ සාමාජිකයින් දකින තෙක් ඉවසුම් නැති බවයි .
ටිට්චෙන් මහත්මියගේ මිනිබිරියක වන ඇලෙක්ස් ජෝන්ස් මාධ්‍යයට ප්‍රකාශ කර ඇත්තේ සිය මිත්තණිය සැබෑ ජීවිතයේ ක්‍රියාශීලී චරිතයක් බවත් ඇය නර්තනයට ,පාපැදි ධාවනයට හා ගොල්ෆ් ක්‍රීඩා කිරීමට කැමැත්තක් දක්වන බවයි .”ඇය ඉවුම් පිහුම්වලටත් දක්ෂයි .ඒ වගේම මැක්ඩොනල්ඩ් අවන්හලෙන් ආහාර ගන්න ඇය කැමතියි .එත් මේ දිනවල එම අවන්හල් වසා දමා ඇති බව ඇය තවම දන්නේ නැහැ ” ඇලෙක්ස් කීවාය .
“මගේ මිත්තණිය දිගු කාලයක් ජීවත් වීමේ රහස ඇය ක්‍රියාශීලී හා නිදහස් කාන්තාවක් වීම විය යුතුයි .ඇය පසුගිය දෙසැම්බර් මාසයේ උකුල් අස්ථියෙහි සැත්කමකට ලක් වුවත් සැත්කමෙන් දින 30කට පසුව ඇය නැවත පෙර සේ ඇවිදීමට පටන් ගැනීම මෙයට හොඳ උදාහරණයක් යැයි ” ඇලෙක්ස් වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ .
