Gossip

​බුකිය කැළඹූ හෙක්ටර් හඬ අවදි කළ හැටි – Photos

‘‘සංගීතයත් එක්ක බද්ධ වෙලා දිගු ගමනක් ආපු හෙක්ටර් ඩයස් හදිස්සියෙම පොලිසියට බැඳිලා.” පසුගිය දින කිහිපය පුරාම අන්තර්ජාලය පුරා එහෙට මෙහෙට සංසරණය වූ හෙක්ටර් ඩයස් ගේ අමුතුම මාදිලියේ ඡායාරූප ‍පෙළක් දුටු ‍බො‍හෝ දෙනාට එහෙම හිතෙන්න ඇති. පොලිස් නිල ඇඳුමට අපූරුවට ගැළපුණ දේහදාරී රූපකායත් එක්ක හෙක්ටර් මේ සූදානම් වෙන්නේ මොනවා කරන්නද? බොහෝ දෙනාට පැණ නැඟුණු ඒ ප්‍රශ්නෙට හෙක්ටර් දුන්නේ මෙන්න මේ විදිහෙ උත්තරයක්.

“මේ ඡායාරූපගත කිරීම කළේ අපේ ඩී මේජර් සංගීත කණ්ඩායමේ අලුත්ම ගීතය නිර්මාණය කිරීමට අවශ්‍ය මූලික පසුබිම සැකසුමකට. පොලිස් නිල ඇඳුම භාවිත කරමින් පිටකොටුව රතු පල්ලිය අසල සිදුකළ මේ ෂූට් එක විවිධ බාධක මැද වුණත් නීතිමය අවසර සහිතව සිදුකළ එකක්.
නීතිය සහ ශෘංගාරය පිළිබඳ ලියවුණු අපූරු ගීතයක් සමඟ නුදු‍රේදීම එළි දක්වන්න බලා‍පො‍රොත්තු වන අපේ අලුත්ම ගීතය අපට ආදරය කරන ආදරණීය ප්‍රේක්ෂකයන්ට අහන්නත් දකින්නත් පුළුවන් ‍වේවි” මේ අපූරු ඡායාරූප පෙ‍ළ ජනප්‍රිය ඡායාරූප ශිල්පීයකු වන ඉරේෂ් ජයංග ඩයස්ගේ සංකල්පයක්. ඒ ගැන ඔහු කිව්වේ මෙන්න මේ වගේ කතාවක්,
“හෙක්ටර්ට ඕනෑ වුණේ ඉන්දියානු ආභාසයට ගැළැපෙන පසුබිමක මේ ෂූට් එක කරන්න. ඔහුගේ අදහසට ගැළැපෙනම තැන විදිහට අපි පිටකොටුවේ රතු පල්ලිය ඉදිරිපිට තෝරා ගත්තා. එතැන ජනාකීර්ණ තැනක් නිසා ‍ඡායාරූප ගන්න අපි සැලැසුම් කරගත්තේ පොහොය දවසක. ‍මේ සංකල්පයට අවශ්‍ය කරන ඇඳුම් පැළඳුම් සහ අවසර ලබාගැනීම සිදු කළේ හෙක්ටර්. ‍‍
මේක අලුත්ම සංකල්පයකට අනුව කරපු නිසා ‍වෙන්න ඇති ඡායාරූප පළ කරපු ‍මො‍හො‍තෙම සිටම බොහෝ දෙනාගේ අවධානය ‍යොමු වුණා. මුහුණු පොත හරහා ඉතා විශාල ප්‍රතිචාරයක් ලැබුණා…”
ශෘංගාරයට බොහෝ දේ යටපත් කරන්නට හැකි බවයි පොදු මතය.
බලවතුන් දන ගස්වන්නට සිල් බිඳ දමන්නට හැකි ශෘංගාරයට නීතිය නවන්නට හැකි වේවිද? ඉතා ඉක්මනින්ම ඒ ගැටලුවලට පිළිතුරු රැගත් ඩී මේජර් සංගීත කණ්ඩායමේ නවතම ගීතය රසිකයන් ‍වෙනු‍වෙන් එළි දක්වනු ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!