Alua Asetkyzy Abzalbek කියන්නේ ගොඩක් සිංදු අහන්න ප්‍රියකරන දැරියක්. ඇය වෙනදා වගේම තමන්ගේ ජංගම දුරකථනයෙන් සිංදු අහන ගමන් නින්දට ගිහින් තියෙනවා. චාර්ජ් කරමින් තිබුණු තමන්ගේ ජංගම දුරකථනය ඇඳේ කොට්ටය යටින් තියාගන තමයි ඇය නින්දට ගොස් තියෙන්නේ.
පසුදින උදයේ ඇගේ දෙමාපියන්ට දකින්න ලැබිලා තියෙන්නේ දුරකථනයේ බැටරිය ඇගේ හිසට ආසන්නයේ පුපුරා ගොස් ඇය අවාසනාවන්ත ලෙස මිය ගිහින් සිටින ආකාරයයි . මිය යන විට ඇය අවුරුදු 14 වයසැති පාසල් යන වයසේ දැරියක් බවට විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරනවා.
කසකස්ථානයේ සිදුවුණු මේ සිදුවීමේ දී ඒ එරට පොලිසිය පවසන්නේ අනතුරින් ඇයගේ හිසට බරපතල තුවාල සිදුවී ඇය වහාම මිය යන්න ඇති බවයි. මරණ වාර්තාවට අනුව ජංගම දුරකථනය අධික ලෙස රත්වී පිපිරීම සිදුවන්නට ඇති බව වාර්තා වෙනවා.
