Gossip

ළමයි ගෙදර යවලා විදුහල්පති මගුල් ගෙදර ගිහින්.. ”ඔව් මං මේ මගුල් ගෙදර යන්න තමා හදන්නේ” – විදුහල්පති

මංගල කටයුත්තක් සඳහා බැහැරව යෑම සඳහා දිඹුලාගල අධ්‍යාපන කලාපයට අයත් මැදගම මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා ඇතුළු ගුරුවරුන් පිරිසක් 24 වැනිදා පාසල නියමිත වේලාවට පෙර පාසල් ළමයින් නිවෙස් වෙත යැවීම නීති විරෝධී බවත් පාසල් දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විදුහල්පතිවරයා කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන ඇති බවත් මව්පියෝ පවසයි.

පළමු වසර සිට දහතුන වසර දක්වා පන්ති පැවැත්වෙන මැදගම මහා විද්‍යාලයේ පාසල් දරුවන් 24 වැනිදා දහවල් 12.30ට පමණ ඒ ඒ පංති භාර ගුරුවරුන් මගින් තමන්ට මගුල් ගෙදරකට යෑමට ඇති බැවින් වේලාසන පාසල් හරින බව දන්වා තිබේ.

මේ නිසා කුඩා දරුවන් රැගෙන යෑමට පැමිණෙන මව්පිය කළින් දැනුම් නොදුන් නිසා කුඩා දරුවන් නිවෙස් කරා කල් වේලා ඇතිව පැමිණ තිබෙන බවත් මංගල කටයුත්තකට යන බවට කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීන්ද ලිඛිතව දැනුවත් නොකර ඇති බවද මව්පියෝ කීහ.

මේ සිද්ධියත් සමග එක වසරේ සිට දහතුන වසර දක්වා විද්‍යාලයේ පාසල් සිසුන් 800කට ආසන්න පිරිසක් දැඩි අසීරුතාවකට මුහුණ දුන් බවත් මේ පිළිබඳ පුළුල් පරීක්ෂණයක් සිදු කොට මංගල කටයුතු සඳහා සහභාගි වූ ගුරුවරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන මෙන් වැඩිහිටියෝ ප්‍රකාශ කරති.

පාසල් සිසුන් සහ මවුපියන් නගන මේ චෝදනාව පිළිබඳ අප මැදගම මහා විද්‍යාලයේ විදුහල්පති ගාමිණී හේරත් මහතාගෙන් දුරකතනයෙන් කළ විමසීමක දී ඔහු උරණව දුන්නේ මේ ආකාරයෙනි.

ඔව් මං මේ මගුල් ගෙදර යන්න තමා හදන්නේ. පාසල් ඇරියේ එකට විතර. අපි පාසල කළින් ඇරියට දරුවන්ට හවස පංති කරනවා යැයි ආවේගශීලීව පැවසීය.

අනතුරුව අප දිඹුලාගල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා චන්දිමා වාසලමුදලි මහත්මියගෙන් දුරකතනයෙන් කළ විමසීමකදී ඇය පැවසුවේ එලෙස පාසල් කාලයේ විවාහ උත්සවයකට සහභාගිවන බවට තමාට ලිඛිතව හෝ වාචිකව දැනුම් දීමක් නොකළ බවත් එය නීතිවිරෝධී බවත් එලෙස ගොස් ඇත්නම් තමාට දෙමාපියන් ලිඛිතව දැනුවත් කළහොත් ඒ සම්බන්ධව නීතිමය පියවර ගන්නා බවත් ඇය පැවසුවාය.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!