අනුෂ්කා ශර්මා, විරාට් කෝලි සමඟ යුගදිවියට පිවිසී තවමත් ඇත්තේ සුළු කාලයක්.
ඉතින් මේ දෙපළ සම්බන්ධයෙන් අලුත් කතාවක් හැමතැනම පැතිරෙන්න පටන් අරන් තියෙනවා.
ඒ විරාට් – අනුශ්කා යුවළ වෙත ලැබුණේ නොතීසියක් ලැබුණු පුවතකුයි..
ඉන්දීය අධිකරණයෙන් නොතීසියක් නිකුත් කිරීමට හේතු වෙලා තියෙන්නේ කෝලි විසින් සමාජ වෙබ් අඩවි වලට මුදා හැරුණු වීඩියෝ රූප රාමු පෙළක්.
අදාළ වීඩියෝවේ දැක්වෙන්නේ වාහනයක ගමන් ගත් පුද්ගලයකු මහ මඟදී ප්ලාස්ටික් බඳුනක් අතහැර යෑම නිසා ඔහුට අනුශ්කා ශර්මා විසින් බැණ වදින ආකාරයයි.
මෙම අවස්ථාව වීඩියෝ කළ විරාට්, එය සමාජ වෙබ් අඩවි වලට මුදා හැරියේ තම බිරියගේ ක්‍රියාව අගය කළ සටහනක් ද එකතු කරමින්. “බලන්න මේ මිනිස්සු කසළ ද්‍රව්‍ය පාරවල්වල දමමින් යන හැටි. සුඛෝපභෝගී වාහනවල ගමන් කරමින් තමයි මේ දේවල් කරන්නෙ. මේ මිනිස්සුන්ට මොළයක් නැද්ද? මේ අයත් එක්ක කොහොමද අපේ රට පිරිසිදුව තියා ගන්නෙ?” විරාට් තම සටහනට ඒ අදහසත් එක් කර තිබුණා.
මහමඟට ප්ලාස්ටික් බඳුන දැමූ පුද්ගලයා අර්හාන් සිං ලෙස හඳුනාගෙන තිබෙනවා. තමන්ගේ ක්‍රියාව සමාජ වෙබ් අඩවිවලට එක් කිරීමෙන් තමන්ට අපහාසයක් සිදුවූ බව පවසමින් තමයි අර්හාන් සිං, විරාට් සහ අනුෂ්කා යුවළට එරෙහිව නීතිමය පියවර ගෙන ඇත්තේ. “මම වාහනය පදවගෙන යන කොට මගේ අතින් වර්ග මිලිමීටරයක විතර ප්ලාස්ටික් කෑල්ලක් පාරට වැටිලා තියෙනවා. මේක දැකලා තමයි අනුශ්කා බොරුවට කෑ ගැහුවේ. මම සමාව ඉල්ලුවත් එයා කාරුණික වුණේ නැහැ” අර්හාන් මේ ප්‍රකාශය සිදුකර නීති මගට පිවිසුණා. නොතීසිය නිකුත් වුණේ එහි ප්‍රතිඵලය හැටියටයි. මේ අතර අර්හාන් ගේ මව ප්‍රකාශ කළේ තම පුත්‍රයාගේ අනන්‍යතාව හෙළි කරමින් සිදුකර ඇති මේ ක්‍රියාවෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බවයි.
අදාල වීඩියෝව පහතින්
