මත්කුඩුවලට ඇබ්බැහි වූ කාන්තාවක් හෝමාගම මූලික රෝහලේදී දරුවකු ප්‍රසූත කිරීමෙන් පසුවත් මත්කුඩු ඉල්ලා කලබල කිරීම නිසා ඇය මෙල්ල කරගැනීමට රෝහල් කාර්ය මණ්ඩලය දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින බව වාර්තා වේ.
ඇය (24) හැවිරිදි තිදරු මවකි.
මීට දින 10 කට පමණ ඉහතදී රෝහල් ගතවීමෙන් පසුව ඇය පිරිමි දරුවකු ප්‍රසූත කර මේ වන විට දින 10 ක් පමණ ගතවී ඇත.
මේ අතරතුර ඇය බැලීමට පැමිණි පුද්ගලයෙකු සැක සහිත යමක් දී ඇති බවට ලද තොරතුරක් නිසා මේ දිනවල ඇයට ගෙනවිත් දෙන සියලු දේ පූර්ණ පරීක්ෂාවකට භාජනය කිරීමට රෝහල් බලධාරීන් පියවර ගෙන ඇත.
මේ හේතුව නිසා ඇය මත්කුඩු නොමැතිව උමතු ලෙසින් හැසිරෙන්නට පටන්ගෙන ඇති අතර වරක් රෝහලෙන් පැන යාමට පවා උත්සාහ දරා ඇතැයි රෝහල් ආරංචි මාර්ග වලින් පැවසේ.
මේ හේතුවෙන් ළමා වාට්ටුවේ දොරගුළු පවා අලුත්වැඩියා කිරීමට බලධාරීන් පියවර ගෙන ඇතැයි වාර්තා වේ.
මේ පිළිබඳව හෝමාගම මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී විශේෂඥ වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි මහතාගෙන් විමසූ විට ඔහු මෙසේ කීය.
ඔව්. මත්කුඩුවලට ඇබ්බැහි වූ කාන්තාවක් වාට්ටුවට ඇතුළත් කර ඇති බවට වාර්තා වී තිබෙනවා.
ඇය දරුවකු ප්‍රසූත කර ඇති නිසා යම් තත්වයකට පත්වන තුරු මේ දක්වා වාට්ටුවේ ඉන්නවා.
ඇයගේ තත්වය ගැන මා එහි කාර්ය මණ්ඩලයෙන් වමසා බලන්නම්. ඇත්තටම මෙවන් කාන්තාවන් සුමගට ගැනීමට අප හැමදෙනාම ක්‍රියා කළ යුතුයි
මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුලරත්න
