Gossip News

හෝමාගම මූලික රෝහලේ කොරෝනා මළසිරුරු නරක්වී දැඩි දුර්ගන්ධයක් පවතිනවා – සෞඛ්‍ය සේවා සංගමයේ සභාපති ගයාන් චමින්ද

කොරෝනා රෝගීන් සඳහා ම වෙන්කර තිබෙන හෝමාගම මූලික රෝහලේ  මෘත ශරීරාගාරයේ  දින ගනනාවක සිට කොරෝනා මළ සිරුරු 5ක් තැන්පත් ව තිබීමෙන්  දැඩි සෞඛ්‍යමය ගැටලුවක් ඇති වී ඇතැයි  හෝමාගම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය  නිලධාරිනි වෛද්‍ය  නදීරා දයාවංශ මහත්මිය පැවසුවාය
තැන්පත්ව තිබෙන සියලුම  මළ සිරුරු  මුස්ලිම් ජාතික පිරිමි සහ ගැහැණු  පුද්ගලයන්ගේ ය. ඉන් මළසිරුරු හතරක් අධි ශීතකරණය තුළත්  තවත් මළ සිරුරක්  ඉන් පිටතත් තැන්පත්ව ඇතැයි වෛද්‍යතුමිය පැවසුවාය
වෛරසය  ආසාදිත මළ සිරුරු අධිශීතකරණය තුළ  තැන්පත් ව තිබීමෙන්  වෛරසය පැතිරීම ට  හේතුවක් වී ඇතැයි  වෛද්‍යවරිය කීය .
කොරෝනා වෛරසයෙන්  මියගිය පුද්ගලයකුගේ මළ සිරුරක් පැය 24 තුල  ආදාහනය කිරීමට නියමිතව  වුවද  මුස්ලිම් ප්‍රජාව ආදාහනයට අකමැති වීම හා  ඒ සඳහා  පෙට්ටි  ලබාදීමට අකමැත්ත, කැමැත්ත පළ කිරීමත් මෙන්ම  එම කටයුතු රජයෙන් සිදු කිරීමට   අවශ්‍ය පෙට්ටි මිලදී ගැනීම සඳහා ප්‍රතිපාදන නොවීමත් හේතුවෙන් මළ සිරුරු මෙයාකාරයෙන්  දින ගණනාවක් තැන්පත්ව තිබීම සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයන්ට  දැඩි සෞඛ්‍ය   ගැටලුවක් බව  අධිකරණ වෛද්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය
හෝමාගම මූලික  රෝහලේ ජනරජ සෞඛ්‍ය සේවා සංගමයේ  සභාපති ගයාන් චමින්ද මහතා මෙසේ පැවසීය…
මෙම තත්ත්වය  කාර්යමණ්ඩලයේ ජීවිත වලට දැඩි බලපෑමක් එල්ල වෙලා තියෙනවා .
දින ගනනාවක සිට  ශීතකරණයෙන් පිට තිබෙන මළ සිරුර දැඩි ලෙස නරක් වීමෙන් දැඩි දුර්ගන්ධයක් පවතිනවා .
අවදානමක් තියෙනවා. මෙම තත්ත්වය සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය වහා යොමු විය යුතුයි .
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!