30 හැවිරිදි ජෙසිකා ගුඩෙස් නමැති මනාලියකට විවාහ වීමට මිනිත්තු 30කට පෙර හෘදයාබාධයක් ඇතිවූ පුවතක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඇය විවාහයට සහභාගී වීමට යමින් සිටියදී ඇය ගමන් කළ ලිමෝසීන් රථයේදීම ඇයට සිහි මුර්ජා වී ඇති අතර ඒ වනවිටත් ඇය මාස හයක් ගැබිණියක් ලෙස සිටි බවයි විදෙස් මාධ්‍යවල දැක්වුණේ.
කෙසේ වෙතත් මෙම සිහි මුර්ජාවීමෙන් පසුව ඇයව රෝහල් ගත කර තිබුණා.
එහිදී වෛද්‍යවරුන් පවසා තිබුණේ ඇයගේ මොළය මියගොස් ඇති බවයි.
ඇයගේ කුසේ දරුවා සිටින නිසා වෛද්‍යවරු විසින් මාස දෙකක් පුරාවට කෘතීම තත්වයක් යටතේ ජීවත් කරනවා.
ඒ ඇයගේ දරුවට උපත ලබා දීම සඳහායි. 1982 සිට 2010 දක්වා මෙවැනි සිදුවීම් වාර්තා වී ඇත්තේ 30ක් පමණයි.
එබැවින් මෙය ඉතා විරල අවස්ථාවක් ලෙස හඳුවන්වනවා.
මාස දෙකකට පසුව කෘතිමව පවත්වාගෙන යන ඇයගේ සිරුරෙන් දරුවාව ලබාගැනීමට වෛද්‍යවරු සමත් වෙනවා.
එමෙන්ම විශේෂත්වය වන්නේ මෙම කාන්තාව හෘදයාබාධයකට ලක්විය හැකි බවක් බාහිර ස්වරූපයෙන් හෝ රෝග ඉතිහාසයෙන් හඳුනාගත නොහැකි වීමයි.
එනම් සාමාන්‍යයෙන් හෘදයාබාධ වලට ලක්වන පිරිස් බර සහ තරබාරුකම පෙන්වන පිරිස් වේ.
නමුත් ජෙසිකා එවැන්නියක් නොවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ජෙසිකාගේ දරුවා දැනට හොඳ සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවයි විදෙස් මාධ්‍යවල වැඩිදුරටත් දැක්වෙන්නේ.
මේ ඇය මිය යාමට ප්‍රථම ලබාගත් ඡායාරූප, ඇයගේ සැමියා සහ ඇය මියගොස් පවා උපත ලබාදුන් දරුවාගේ ඡායාරූප පහතින්…
