Gossip

”මම රංගනයට එන්නේ ආදරය නිසයි. ඇයිද කියන්න මම දන්නේ නැහැ”

සැමියන් දෙදෙනෙකුගේ සෙනෙහේ දෛවයේ ලියාගෙන පැමිණි නිල්මැණික අවසානයේ සිය දෑත දෙන්නේ අසංග සෙනෙවි ට ද? නයනානන්ද සෙනෙවිටද? ඔබත් කුතුහලයෙන් දෙහෝරාවක ආසන්න කාලයක් බලා සිටි බව සැබෑ නම් එදා අදුරේම ඔබේ දසිනුත් ලිහී වැටුණ සීතල කදුළෙහි හැබෑ අයිතිකාරිය සොයාගෙන අප ගමන් කළා’ ඇය සෙනාලි ෆොන්සේකා’

විජයබා කොල්ලය ඔබට විශේෂ වෙන්නේ කොහොමද?

විජයබා කොල්ලය කියන්නෙ මම රගපෑ චිත‍්‍රපට අතරින් ප‍්‍රදර්ශනය වන දෙවැනි චිත‍්‍රපටයයි’ මගේ පළමු චිත‍්‍රපටය සෝමරත්න දිසානායක මහත්මයගේ සිරි පැරකුම්’ එහි මම රගපෑ සිරිමල්එතනා ගේ චරිතය ප‍්‍රධාන චරිතයක් වුණාට කතාන්දරයේ ප‍්‍රධාන චරිතය වෙන්නේ වෙන චරිතයක්’ නමුත් විජයබා කොල්ලයේ මම කරන්නේ ප‍්‍රධාන චරිතය’ විශේෂම හේතුව වන්නේ මගේ කලා දිවියේ ප‍්‍රථම වතාවටයි මම පෙම්වතියගේ චරිතය රගපාන්නේ’

ඔබ විජයබා කොල්ලයේ නිලමනී තේරුම් ගත්තේ මොන ආකාරයටද?

නීලමනී කළු චරිතයක්ද? සුදු චරිතයක්ද? කියල පූර්ව නිගමනයකට එන්න බැරි චරිතයක්’ ඇය හරිද? වැරදිද කියන දේ තීරණය කරන්නේ ප්‍රේක්ෂකයයි’ ඒ නිසයි මට නීලමනී ගේ චරිතය අභියෝගාත්මත වෙන්නේ’ මම හැමවිටම ප‍්‍රවේසම් වුණා’ ඇය සුදු චරිතයක් හෝ කළු චරිතයක් ද කියන කාරණය මගේ රංගනයේදී මතු නොවන සේ මධ්‍යස්ථ තැනක චරිතය රදවන්න’

ඔබ කියවාගත් නිලමනී සමග ඔබ ඒකාත්මික වූවාද?

පිටපත සහ පොත කියෙව්වාට පස්සේ මම මේ චරිතය ගැන තේරුම් ගන්න පටන් ගත්තා’ සමහර තැන් තියෙනවා නීලමනි ගේ සමහර දේවල් ගැන සෙනාලි ෆොන්සේකා හැටියට මට එකග වෙන්න බැරි’ නමුත් ඒ චරිතය මම රගපානවා නම් මම ඒ දේවල් තුළ ජීවත් වෙන්න ඕනෑ’ ඇගේ ගතිලක්ෂණ මට සාධාරණීකරණය කරන්න පුළුවන් වෙන්න ඕනෑ’ ඒ හේතුන් මම තේරුම් ගත්තා’ ඇයි නිලමනී මේ විදිහට හැසිරෙන්නේ’ මේ වගේ තීරණ ගන්නේ කියලා’ මට චිත‍්‍රපටය හරහා පෙන්වන්න ඕනෑ වුණා’ (බලන පුද්ගලයා තුන්වන පාර්ශවය විදිහටනේ හිතන්නෙ* මට ඕනෑවුණා එම පාර්ශවයටත් ඇය මෙසේ හැසිරෙන්නේ ඇයි කියලා ඒත්තු ගන්වන්න’

ඔබට ඔබගේ සමස්ත රංගනය ගැන විමසුමක යෙදෙන්න ඇරයුමක් කළොත් ?

මම චිත‍්‍රපටය පෙන්වන්න කලින් ඉදන්ම ගොඩත් බයෙන් හිටියේ’ මට මගේ රංගනය ගැන විශ්වාසයක් තිබුණා’ ඒ අවස්ථාවේ මට තිබුණ අත්දැකීම් අනුව මම මේ චරිතය මට කරන්න පුළුවන් උපරිමයෙන් කළා’ නමුත් ඒ රංගනය මොන විදිහට පෙනෙයිද?” ප්‍රේක්ෂකයා මෙය මොන විදිහට භාරගනීවිද කියලා මට පොඩි බයක් තිබුණා’ නමුත් චිත‍්‍රපටය ප‍්‍රදර්ශනය වූ මොහොතේ පටන් මේ දක්වා මට විවිධ තරාතිරමේ අයගෙන් ප‍්‍රතිචාර ලැබෙනවා’ ඒ ප‍්‍රතිචාර අනුව ඇත්තටම මම සතුටු වෙනවා මම මේ දේ හරියට කළා කියලා’

අපේ රටේ සුවිශේෂ වූ විද්‍යාර්ථයෙක් නිර්මාණකරුවෙක් වූ සුනිල් ආරියරත්නයන් ගේ අධ්‍යක්ෂණය ඔබට ලබාදුන් විශේෂ අත්දැකීම් මොනවාද?

මහාචාර්ය සුනිල් ආරියරත්න කිව්වා හැම කෙනෙකුගේම හිතේ කිසියම් චකිතයක් උපදිනවා කියලා’ මොකද ඔහු මහාචාර්යවරයෙක්’ උසස් පුද්ගලයෙක් නිසා ඒ තැතිගැන්ම් මටත් තිබුණා’ නමුත් ඔහු සමග වැඩ කරද්දියි මම වටහා ගත්තේ ඔහු කොතරම් සරළ සුන්දර මනුස්සයෙක්ද කියලා’ ඔහුගේ ඒ සරළ බව නිසා මට වැඩ කරන්න ගොඩක් පහසු වුණා’ සුනිල් සර් ඔහු ගේ නිර්මාණ කණ්ඩායමට තෝරගන්නේ අවශ්‍යම පුද්ගලයන්’ මේ හැම කෙනෙකුගේම අදහස් වලට සවන් දෙනවා’ අනෙක් මිනිසුන් ගේ අදහස්වලට කන් දෙනවා කියන එක මම ඔහු තුළින් දුටු විශේෂ ලක්ෂණයක්’

ඓතිහාසික නිර්මාණ වලට දායක වෙන්න අවස්ථා ලබන ඔබ අපේ ඉතිහාසය හා සාහිත්‍ය ඇසුරු කරමින් සිටින කෙනෙක්ද ?

පුංචිකාලේ ඉදන්ම මම ලංකාවේ ජීවත්වුණ කෙනෙක් නෙවෙයි’ ඒ නිසා අපේ සාහිත්‍ය කියවන්න මට ගොඩත් අවස්ථාව ලැබිලා නැහැ’ නමුත් නීලමනීගේ චරිතය ලැබීමත් සමග මම පිටපත වගේම විජයබා කොල්ලය පොතත් කියෙව්වා’

සෙනාලි ඔබ ගේ රංගන දිවියේ අනාගතය සැලසුම් කර ඇත්තේ කෙසේද ?

මම විවිධ චරිත කරන්න ආස පුද්ගලයෙක් මම එකම විදිහේ චිත‍්‍රපටවලවත් එක විදිහේ චරිතවත් තෝරගන්නේ නැහැ. ඉතින් මට වෙනස් වෙනස් චරිත හා නිර්මාණ වලට අවස්ථාව ලැබෙනවා නම් මම භාරගන්නවා’ ඒ විදිහට භාරගත්ත අවස්ථා කිහිපයක්ම තව තියෙනවා’ ඒ නිර්මාණත් ළගදීම ප්‍රේක්ෂකයන්ට නරඹන්න ලැබෙයි’ ඒවයින් ඔවුන්ට දකින්න ලැබෙන්නේ වෙනස්ම චරිත’

ඔබ අද වනවිට වෘත්තිය නිළිය කියන භූමිකාවට අවතීර්ණ වෙලාද?

ඇත්තටම මම රංගනයට එන්නේ සිනමාවට තියෙන ආදරය නිසයි… ඇයිද කියන්න මම දන්නේ නැහැ. මට රංගනය ගැන කලාව ගැන පිස්සුවක් තියෙනවා… ඒ උණ නිසයි මෙහෙම ඇවිත් මේ දේවල් කරන්නේ…. බලමු ඉදිරියේදී….

උපුටාගැනීම – දිවයින

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!