Gossip

හිටපු ජනපති මහින්ද, චන්ද්‍රිකා සහ ජේ.ආර්. භාවිත කළ වෙඩි නොවදින සැප වාහන ගැඹුරු මුහුදේ ගිල්වයි

ගෙවී ගිය වසර 40 තුළ මෙරට ජනාධිපතිවරුන් කොටි ත්‍රස්‌තවාදීන්ගෙන් බේරා ගැනීම සඳහා ගෙන්වා තිබූ වෙඩි නොවදින මෝටර් රථ 25 ක්‌ ගැඹුරු මුහුදේ ගිල්වා දැමීමට තීරණය කර තිබෙන බවට පුවතක් පැතිර යනවා..
මර්සිඩීස්‌ බෙන්ස්‌ හා ජගුවර් වර්ගයේ මෙම මිල අධික මෝටර් රථ අතර හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකු වූ කරුණා අම්මාන්ට ගෙන්වූ ටොයෝටා ලෑන්ඩ් කෲසර් රථයද ඒ අතර වන බවයි වාර්තා වන්නේ.
හිටපු ජනාධිපතිවරුන් වූ ඡේ. ආර්. ජයවර්ධන, චන්ද්‍රිකා කුමාරතුංග සහ මහින්ද රාජපක්‍ෂ විසින් මේ වෙඩි නොවදින රථ භාවිත කර තිබුණා.
මෙම රථ ගැඹුරු මුහුදේ හෙළීම නාවික හමුදාවට භාරදීමට කටයුතු කරන බවද පැතිර යන පුවත්වල සඳහන්.
එම රථවල සන්නිවේදන සහ වෙනත් උපාංග ද ඉවත් කර ඇති අතර වෙඩි නොවදින කාල්ටර් ආවරණයෙන් යුතු මේ රථ මුහුදේ හෙළීමට තීරණය වී ඇත්තේ එම රථ වෙන්දේසියේ අලෙවි කළහොත් පාතාලයට සම්බන්ධ පිරිස්‌ ඒවා මිලයට ගැනීමට ඉඩ ඇති නිසා බවටයි පැතිර යන වාර්තාවල දැක්වෙන්නේ.
මේ රථ අලුත්වැඩියා කිරීම සඳහා විශාල වියදමක්‌ දැරීමට සිදු වන බව ද වාර්තා වනවා.

කෙසේ වෙතත් මේ ගැන දැනගැනීම සඳහා නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශවරයාව අප සම්බන්ධ කරගත්තා.

ඔහු පැවසුවේ දැනට ඒ සම්බන්ධ දැනුම්දීමක් ඔවුන්ට සිදුකර නැති බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!