Gossip

“හමුදා නිලධාරින්යේ අණදීමේ හඩටත් කකුල් දෙකෙන් මුත්‍රා බේරෙන අය මෙවැනි දහදුක් විදල පළදිනා ලාංඡන පැළදීම ඇත්තටම දුකයි.”

චන්දිමාල්ගේ වෙනස්ම වැඩ නිසා සමහර වෙලාවට ඔහු හැමෝම අතර කතාබහට ලක්වෙන චරිතයක්.
පසුගිය දවසක ඔහු පැවැත්වූ උපන්දින සාදයට බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වුණා.
ඒ වගේම බොහෝ දෙනෙකුගේ චෝදනාද එල්ලවෙමින් තිබෙනවා.
මුහුණුපොතේ තිබූ සටහනක මෙලෙස සටහන්ව තිබුණා.

මුහුණුපොතේ නිතරම දකින දෙයක් තමයි රණවිරුවන්ගේ ඇදුම් ආයිත්තම් ඊට සුදුසු නොවන පුද්ගලයින් ඇදීම පිළිබද බොහෝ දෙනාගේ විරෝධය ප්‍රකාශ කිරීම.
ඉතා දුක් මහන්සියෙන් පාඨමාලා කර අපාදුක් විද ලබාගන්නා හමුදා ලාංඡන ඊට කිසිසේත්ම නුසුදුසු මොහු වැන්නෙක් ඇදීම හරිම පිලිකුල් සහගතව හෙලා දකිමි, මන්ද හමුදා සේවයේ සිටින අය පවා තමන්ට අයිති නොවන නිළ ලාංඡන නොපළදින නිසාවෙනි.
දහදුක විදලා අවම වශයෙන් මාස 6 ක් (වෘත්තීය නිළධාරි) නැත්නම් අවුරුදු 1 සිට 3 ක් දක්වා කාලයක් නොවිදිනා දුක්විදිමින් තම දෙමාපියන් විසින් පළදනා අධිකාරියට පත් කිරීමේ උරහිස් පළදනාව, ඒකක,බළකා සදහා වන කර පළදින ලාංඡන සහ සිවිල් පුද්ගලයෙකුට ජීවිතේට පැළදිය නොහැකි Air Borne නිළ ලාංඡනය (මෙය විශේෂ ලාංඡනයකි, විශේෂ බලකා, කමාන්ඩෝ සහ අති දුෂ්කර තෝරා ගැනීමේ පරික්ෂණයකින් සමත් වු නිලධාරින් අතලොස්සක් මාසයක් වැනි අති දුෂ්කර පුහුණුවකින් සුදුසුකම් ලැබීමෙන් පසු පැළදීමට වරම් ලබයි)
ඉතින් මේ වගේ පඩි දෙක තුනකින් වත් පනින්න බැරි මෙවැන්නෙක් එවැනි ලාංඡන අදින්න තියා හිතන්නෙවත් කොහොමද?
එවැනි පාඨමාලාවක් කරන්න තියා මෙයාට හිතන්නවත් පුලුවන්ද?
හමුදා නිලධාරින්යේ අණදීමේ හඩටත් කකුල් දෙකෙන් මුත්‍රා බේරෙන අය මෙවැනි දහදුක් විදල පළදිනා ලාංඡන පැළදීම ඇත්තටම දුකයි.
සාමාන්‍යයෙන් මෙලෙස හමුදා ලාංඡන පළදිනවනම් ඒ සදහා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතියක් අවශ්‍යයි.
දොස්තරගේ වෙද නලාව, රා මදින්නාගේ වක් පිහිය, ඇත්ගොව්වාගෙ හෙණ්ඩුව, ගොවි මහත්තයගේ උදැල්ල වැනි දේ මෝස්තර කර ගන්න එපා. තමන් මහන්සියෙන් උපයාගත් දෙයට වටිනාකමක් දීම පිටිසර ගැමියාගේ පටන් උගත් වියතා තෙක්ම යම් තරමකට හෝ දන්නා සමාජයීය කාරණාවකි.
හමුදා විවාහයකදී මල් කුමාරවරුන්ට අන්දවන පළදිනා සදහාත් අනුමැතියකින් තොරව ඇදීම පැළදීම සිදු නොකරයි.
සන්නද්ධ සේවයේ යෙදී සිටි හමුදා නිළධාරියෙකු, සෙසුනිළයෙකුට පමණක් හිමිවන තමන්ගේ සේවා කාලය තුළ අසීමාන්තික කැපකිරීම් කර ලේ දහඩිය හෙලා ජීවිතය පුදා ලබා ගත් පදක්කම් හා ගෞරවාන්විතයන් මෙවැනි පුද්ගලයන් හට පැළදිය හැකිද?
කෙසේ වෙතත්,
මෙවැනි දෑ මින් මතු සිදු නොවිය යුතු නොවේද?

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!