එක දිගටම මැච් පැරදුණු නිසා කොහොමහරි කරලා අපේ ටීම් එක නැවත ඔසවා තබන්න තමයි චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත්කර ගත්තේ.
බංගලාදේශ කණ්ඩායමේ පුහුණුකරු වෙලා හිටපු කාලේ ඒ කණ්ඩායමේ සිදුවූ විශාල වෙනස තමයි මේකට හේතුවෙලා තිබ්බේ.
ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම තමන් අතට ගත්ත දවසෙත් කිව්වේ කණ්ඩායම හදලා ගන්න පුළුවන් කියලායි.
මේ නිසා බොහෝ අය හතුරුසිංහ ගැන බලාපොරොත්තුවෙන් ඉන්නේ.
පසුගිය කාලය පුරාවටම අසාර්ථක වුණු නිසා අපේ ක්‍රීඩකයන්ගේ මානසික මට්ටම මුලින්ම හදන්න ඕන කියලත් ඔහු සඳහන් කළ අතර ක්‍රීඩකයන්ට ප්‍රශ්න පත්‍රයකුත් දීලා තිබ්බා කියලා තමයි ආරංචි වුණේ.
ඉතින් ක්‍රීඩකයන්ගේ මානසික තත්වය හදන්න ඔහු නමක් යෝජණා කළා. ඒ තමයි Phil Jauncey.
ඕස්ට්‍රේලියානු ජාතිකයෙකු වන Phil Jauncey මනෝවිද්‍යාව සහ උපදේශනය සම්බන්ධයෙන් ආචාර්ය උපාධියක් සහිත ක්වීන්ස්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙක් වනවා.
ඔහු ලංකාවේ ක්‍රීඩයන්ට අද දිනයේ (04) ක්‍රිකට් ආයතනයේදී වැඩමුළුවක් පවත්වා තිබෙනවා.
තරඟයකදී මානසික මට්ටම පාලනය කරගන්නේ කොහොමද?, ධනාත්මකව තරඟයකට අවතීරණ වෙන්නේ කොහොමද? කියලා ඔහු අපේ ක්‍රීඩකයන්ට කියා දී තිබෙනවා.
කොහොම වුණත් මේ වැඩමුළුව අවස්ථාවේදී කුසල් මෙන්ඩිස් නිදාගෙන සිටින ඡායාරූපයකුත් සමාජජාල මාධ්‍යයන්වල ඉතා සීඝ්රයෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා.
මේ එම වැඩමුළුවේ ඡායාරූපයි
