Gossip

සෞඛ්‍ය ඇමතිනියටත් කොරෝනා වෛරසය ආසාධනය වෙයි

කොරෝනා වෛරසය වැළඳුනු ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් සොයාගෙන තිබෙනවා.
මෙම වෛරසය වැළඳුනු 15 දෙනෙකු එරටින් ඊයේ සොයාගෙන ඇති අතර ඒ අතර ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඔවුන්ව ප්‍රතිකාර සඳහා මේ වනවිටත් යොමු කර ඇති බව එම වාර්තාවල වැඩිදුරටත් සඳහන්.
මේ අතර, බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ඇමතිනී නඞීන් ඩෝරියස්ට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා.
වෛරසය ආසාදනය වූවන් සමග සමීපව කටයුතු කිරීම හේතුවෙන් ඇයට ද මෙම වෛරසය වැළදෙන්නට ඇති බවයි විදෙස් මාධ්‍ය කියා සිටියේ.
බ්‍රිතාන්‍යයෙන් කොරෝනා මරණ 6ක් වාර්තා වන අතර ආසාදිතයන් සංඛ්‍යාව 382ක් වනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!