කිළිනොච්චිය පරන්තන් ප්‍රදේශයේ හමුදා කඳවුරක සේවය කරන වෛද්‍ය බළකා හමුදා සෙබළකු විසින් යාපනය වෛද්‍ය පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබන සිය බිරිඳගේ ගෙල කපා මරා දමා තිබුණා.
ඊයේ (22 දා) දහවල් යාපනය කලපුව අසලදී මෙම ඝාතනය සිදුකර තිබූ අතර සැකකාර හමුදා සෙබළා යාපනය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඝාතනයට ලක් වූ වෛද්‍ය ශිෂ්‍යාවගේ මළ සිරුර යාපනය පන්නෙයි මුහුදු ප්‍රදේශයේ තිබී සොයාගෙන තිබුණා.
මෙම යුවළ බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවෝ ය. ඝාතනය සිදුකළ හමුදා සෙබළා 30 හැවිරිදි වියේ පසුවේ. ඝාතනයට ලක් වූ වෛද්‍ය ශිෂ්‍යාව 29 හැවිරිදි වියේ පසුවන කේ. ගෝතමී කාංචනා ලෙස හඳුනාගෙන ඇත.
මොවුන් දෙදෙනා දික්කසාද වීම සඳහා නඩුවක් පවරා ඇති අතර ඝාතනය සිදුකළ සැමියා සහ බිරිඳ වන වෛද්‍ය ශිෂ්‍යාව ඊයේ (22 දා) දහවල් යාපනය කලපුව අසල පැයදෙකකට ආසන්න කාලයක් කථාබහක නිරත වී තිබෙනවා.
එහිදී සැකකාර හමුදා සෙබළා සිය බිරිඳගේ ගෙල කපා ඝාතනය කර අසල කළපුවට දමා තිබුණා.
ඝාතනයට ලක් වූ වෛද්‍ය ශිෂ්‍යාව 2013 වසරේදී යාපනය වෛද්‍ය පීඨයට ඇතුළත් වී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් යාපනය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් මහතාගේ උපදෙස් මත යාපනය මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රසාද් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
