කිලිනොච්චිය, ආනන්දපුරම් ප්‍රදේශයේ පදිංචි 13 හැවිරිදි පාසල් දරුවෙකු යොදාගනිමින් සූර්ය බලයෙන් ක්‍රියාකරන ට්‍රයිසිකලයක් නිපදවා තිබිණ.
කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලයේ 08 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සුන්දරලිංගම් ප්‍රනවන් දරුවා විසින් නිපදවූ මෙම පාපැදියේ මේ වන විට පාසල් ගමන් මෙන්ම එදිනෙදා කටයුතුද සිදු කරයි.
තම සීයාගේද සහය ඇතිව විවිධ ස්ථානයන්වලින් ඉවතලන උපකරන ආදිය එකතු කොට සූර්ය බලයෙන් ගමන් කිරීමට හැකි ට්රයිසිකලය නිර්මාණය කළ බව දරුවා පැවසීය.
දරුවා පැවසුවේ තමන් මීට පෙර බැටරියෙන් ක්‍රියාත්මක වන පාපැදියක්ද නිර්මාණය කළ බවයි.
දරුවා පැවසුවේ තමා නිර් මාණය කළ ට්රයිසිකලය පැයට කිලෝමීටර 25 පමණ වේගයෙන් ධාවනය වන අතර, සූර් ය කෝෂ උපරීම ධාරිතාව මත පැය 20 ක පමණ කාලයක් එක දිගට ධාවනය කිරීමේ හැකියාවක් පවතින බවයි.
තමන් ඉදිරියේදී නව නිපයුම් සිදුකොට රටට කිරීතියක් ගෙන දීමට බලාපොරොත්තු වන බවද හෙතෙම පැවසුවේය.
වවුනියාව -මාධව කුලසූරිය
