බොලිවුඩ් නළු සුෂාන්ත් සිං රාජ්පුත්ගේ මරණය සම්බන්ධයෙන් සල්මාන් ඛාන් ඇතුළු ප්‍රබල චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් කිහිපදෙනෙකුට එරෙහිව නීතිඥවරයෙක් විසින් නඩු පවරා තිබෙනවා.
බොලිවුඩ් ජනප්‍රිය නළු සල්මාන් ඛාන් සහ අධ්‍යක්ෂකවරුන් වන කරන් ජොහාර්, සංජේ ලීලා බන්සාලි සහ එක්ටා කපුර්ට එරෙහිව නඩු පවරා ඇත්තේ ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහයේ 306, 109, 504, සහ 506 වගන්ති යටතේ බවයි අධි නීතිඥ සුධීර් කුමාර් ඔජා විසින් බිහාර් හි මුසෆර්හි උසාවියේදී මෙම නඩුව පවරා තිබෙනවා.
පැමිණිල්ල ගොනු කිරිමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් නීතිඥවරයා ප්‍රකාශ මියගිය සුෂාන්ත් සිං රාජ්පුත් චිත්‍රපට 07 කින් ඉවත් කොට ඇති බවත් ඔහු රඟපෑ ඇතැම් චිත්‍රපට තිරගත වීමෙන් වළක්වා ඇති බවයි. මෙම තත්ත්වය මත සුෂාන්ත් මරණයට සිදු වන්නට ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
කොංග්‍රස් නායක සංජේ නිරූපම් ට්විටර් සටහනක් තබමින් කියා සිටියේ මාස 06 ක් වැනි කෙටි කාලයක් තුළ සුෂාන්ත් ගිවිසුම් ගතව සිටි චිත්‍රපට 07 ක් ඔහුට අහිමි වූ බවයි. චිත්‍රපට කර්මාන්තය තුළ පවතින මෙවැනි නිර්දය තත්ත්වය හේතුවෙන් දක්ෂ පුද්ගලයෙකුගේ ජීවිතය ආකාලයේ විනාශවු බවයි ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
සිනමා කර්මාන්තය තුළ පවතින මෙවැනි තත්ත්වයන් සම්බන්ධයෙන් ඇතැම් ජනප්‍රිය බොලිවුඩ් නළු නිළියන් ප්‍රසිද්ධියේ සිය අදහස් ප්‍රකාශ කිරිම අරඹා තිබෙන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියේ.
මේ අතර Dabangg චිත්‍රපට අධ්‍යක්ෂක අභිනව් කාශ්‍යප් සිය චිත්‍රපට ව්‍යාපෘති රැසක් විනාශ කිරිමට සල්මාන් ඛාන් ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයින් ක්‍රියා කළ බවට චෝදනා එල්ල කොට සිටිනවා.
සුෂාන්ත් සිං රාජ්පුත්ගේ මරණයට හේතුව කුමක්ද යන්න ගැන ඉන්දීය රජය විමර්ශනයක් සිදුකළ යුතු බවටද මෙහිදී චිත්‍රපට අභිනව් කාශ්‍යප් වැඩිදුරටත් කියා සිටින්නේ.
