Gossip

සුනාමි මතකය පහව යද්දී මොකද්ද මේ වෙන්න යන්නේ? මුහුද හදිසියේ වෙනස් වෙයි -රට පුරාම අනතුරු ඇඟවීම්

දිවයිනට ගිණිකොණ දෙසින් වන මුහුදු ප්‍රදේශවල පවතින ක්‍රියාකාරි වළාකුළු පද්ධති හේතුවෙන් දකුණු සහ ගිණිකොණ ගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70 ත් 80 ත් දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

මේ හේතුවෙන් ධීවර සහ නාවික ප්‍රජාව විමසිලිමත් විය යුතු බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර, මඩකලපුව, හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්කවල අද (30) උදෑසන කාලයේ වැසි ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

එමෙන්ම පස්වරු 2 න් පසුව බස්නාහිර, සබරගමුව, දකුණ, ඌව පළාත්වල මෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ ද ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් අදාළ නිවේදනයේ දැක්වෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!