පසුගිය 13 වැනිදා ජාඇල සුදුවැල්ල ප්‍රදේශයෙන් ඔළුවිල් නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කරන ලද 55 දෙනකුගෙන් සමන්විත පිරිසෙන් තවත් පුද්ගලයන් සතරදෙනකු කොරෝනා ආසාදිතයන් බවට 30 වැනිදා තහවුරු වී ඇති බව ජාඇල මහජන සෞඛ්‍ය පරීක්ෂක අනුර අබේරත්න මහතා පැවසීය.
මෙසේ 30 වැනිදා කොරෝනා ආසාදනයට ලක්ව ඇති පුද්ගලයන් සතර දෙනා පසුගිය 13 වැනදා ජාඇල පාරිස් පෙරේරා මාවතෙන් සහ කළු පාලම පෙදෙසෙන් ඔළුවිල් නිරෝධායතන මධ්‍යස්ථානයට යොමු කළ පුද්ගලයන් බව ද ඒ මහතා සඳහන් කළේය.
ගෙවුණ දින 18කදී සුදුවැල්ල ප්‍රදේශයෙන් හෝ කිසිම නිරෝධායතන මධ්‍යස්ථානයකින් සුදුවැල්ලේ කිසිවකු කොරෝනා වෛරසයට ලක්ව ඇති බවට වාර්තා නොවුණත් 30 වැනිදා එකවර සතරදෙනකු වාර්තා වීම නිසා පාරිස් පෙරේරා මාවතේ සහ කලූපාලම පෙදෙසේ නිවෙස් 28ක 112ක පමණ පිරිසක් ඊයේ (01දා) සිට එම නිවෙස් තුළම ස්වයං නිරෝධායනයට යොමු කළ බව ද ජාඇල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසීය.
ජාඇල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලන්ත බණ්ඩාර තිබිබුටුමුල්ල මහතා පවසන්නේ 30 වැනිදා සොයාගත් කොරෝනා ආසාදිතයන් ලෙස වාර්තාවී ඇති ජාඇල පදිංචිව සිටි පුද්ගලයන් සතරදෙනාම වයස අවුරුදු 22ත් 28ත් අතර පසුවූ තදින් මත්ද්‍රව්‍යයට ඇබිබැහිවූවන් බව පොලිසියට තොරතුරු ලැබී ඇති බවය.
