වැලිගම ප්රදේශයේදී 12 වැනිදා රාති්ර නිවසක සිටි 42 හැවිරිදි සැමියාට පහර දුන් කීපදෙනකු විසින් ඔහුගේ 38 හැවිරිදි බිරිඳ පැහැර ගෙන ගිය බවට සැමියා විසින් 13 දා වැලිගම පොලිසියට පැමිණිලි කර ඇති බවට වාර්තා වෙයි. පැමිණිලිකරු සිද්ධිය වූ දින දරුවන් සහ බිරිඳ සමග නිවසේ සිට ඇත.
රාති්ර බිරිඳ සමග ළිඳ ළඟට ගොස් සිටියදී සුදු පාට වෑන් රථයක් ඔවුන් පසුකර ගොස් නැවත හරවා පැමිණ තිබේ. එම වෑන් රථයෙන් පුද්ගලයකු බැස මළ ගෙදර තිබෙන්නේ කොහේද කියා අසා ඇති අතර එසැණින්ම පැමිණි පුද්ගලයකු පැමිණිලිකරුට පහරදී ඇත. පසුව තවත් දෙදෙනකු වෑන් රථයෙන් බැස තමාට පහර දුන් බවත් පසුව ඔවුන් බිරිඳ බලෙන් වෑන් රථයට දමා ගෙන ගිය බවත් පැමිණිලිකරු පවසා තිබේ.
වහාම කි්රයාත්මක වූ වැලිගම පොලිසිය විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා තිබේ. වෑන් රථයෙන් පැමිණි එක් අයකු මෙම කාන්තාව සමග සම්බන්ධතාවයක් පවත්වා ඇති බවට ද අනාවරණය වී තිබේ.
