වෙන්නප්පුව අධ්‍යාපන කොට්ඨාසයට අයත් දිවයිනේ ප්‍රධාන පෙළේ පාසලක 12 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් සිව්දෙනකු විසින් එම ශ්‍රේණියේ ඉගෙනුම ලබන තවත් සිසුවෙකුට ස්පා ආයතනයකට එරෙහිව කතා කළ බව කියමින් පාසල තුළදීම පහරදීම සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.
පහරකෑමට ලක් වූ සිසුවා දැනට දංකොටුව රෝහලේ ප්‍රතිකාර ලබන බවද වෙන්නප්පුව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.
බෝලවත්ත වයික්කාල ප්‍රදේශයේ ස්පා ආයතනයක් ඉතා රහසිගතව පවත්වාගෙන යන අයෙකු හා සම්බන්ධ සිද්ධියක් මුල් කරගෙනයි මෙම පහරදීම සිදුවී ඇත්තේ.
එම ස්පා ආයතන හිමියා අසරණ පාසල් දරුවන්ගේ ඡුායාරූප ලබා ගෙන ඔවුන්ව රහසිගත අන්දමින් එම නීති විරෝධී කටයුතුවලට හවුල්කර ගැනීම දිගුකලක සිට සිදුවූවක් වන නමුත් ඔහුට එරෙහිව රටේ නීතිය මෙතෙක් හරිහැටි ක්‍රියාවට නංවා නැහැ.
එම පුද්ගලයා විසින් මගේ දරුවා වෙත ලබාදුන් ඇමතුම් හා ස්පා ආයතනයට හවුල්කර ගැනීමට කළ බලපෑම් අප සතුව තිබෙනවා.
රටේ නීතිය කාටත් පොදුවන නමුත් එම පුද්ගලයා දේශපාලන බලපෑම් කරමින් සිසුන්ව බිය ගන්වා මෙම කටයුතුවලටත් මත්කුඩුවලට දරුවන් ඇබ්බැහි කිරීමටත් දිගින් දිගටම පියවර ගන්නවා.
මෙම සිද්ධිය සම්බන්ධව මාධ්‍ය මගින් වෙන්නප්පුව කොට්ඨාස අධ්‍යාපන අධ්යක්ෂ නීතිඥ චම්ලි කුරුකුලසූරිය මහතාගෙන් විමසීමේදී ඔහු මෙසේ පැවසීය. මෙම සිද්ධිය ඇත්තක්. පහරකෑමට ලක්වූ සිසුවා දැනට දංකොටුව රෝහලේ ප්‍රතිකාර ලබනවා. එසේම මෙම පහරදීම සිදුකළ සිසුන් සම්බන්ධව එම විදුහලේ විදුහල්පති පියනම ප්රමුඛ ආචාර්ය මණ්ඩලය එක්ව එම සිසුන්ගේ දෙමාපියන් දැනටමත් පාසලට කැඳවා අභ්‍යන්තරව විනය පරීක්ෂණ පවත්වාගෙන යන බවයි වාර්තා වන්නේ.
මේ සම්බන්ධව මේ මස 08 වන දින පොලිසියට පැමිණිලිකර ඇති නිසා පොලිසිය මගින් ද අවශ්‍ය නීතිමය පියවර ගෙන ඇති බවද සඳහන්.
