අමෙරිකාවේ, වර්ජිනියා හි සජීවී රූපවාහිනී වැඩසටහනදී සිදුවූ වෙඩි තැබීමකින් මාධ්‍යවේදිනියක හා කැමරා ශිල්පියෙකු මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ ඩබ්ලිව්.ඩී.බී.ජේ. සෙවන් (WDBJ 7) ටීවී ආයතනයේ මාධ්‍යවේදීන් දෙදෙනෙක්. ඔවුන් වෙළෙඳසැලක එළිමහනේ අදාළ වැඩසටහන වෙනුවෙන් සම්මුඛ සාකච්ඡාවක් රූගත කරමින් සිටි අවස්ථාවේ මෙය සිදුව තිබෙනවා.
එහිදී කිසියම් පුද්ගලයෙකු වෙඩි තබා ඇති අතර, එම සිද්ධිය ද සජීවී ලෙස රූපවාහිනිය ඔස්සේ විකාශය කර තිබෙනවා. මෙහිදී සම්මුඛ සාකච්ඡාවට බදුන් වූ කාන්තාවද තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසනවා.
මෙම වෙඩි තැබීම සිදුකළ පුද්ගලයාද පසුව වෙඩි තබාගෙන මියගොස් ඇති බව පැවසේ. එසේම වෙඩි තැබීම කළ පුද්ගලයා අදාළ මාධ්‍ය ආයතනයේ වාර්තාකරුවෙකු ලෙස කලක් කටයුතු කළ අයෙකු බව පැවසෙනවා. කෙසේ වෙතත් මෙම වෙඩි තැබීමට හේතුව කුමක්දැයි අනාවරණය වී නැහැ.
පහත දැක්වෙන්නේ ඊට අදාළ වීඩියෝ දර්ශන කිහිපයකි.
