ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ මේ දිනවල දකුණු සුඩානයේ සංචාරයක නිරත වනවා.
එම සංචාරය අතරතුර සිදුවූ විශේෂ සිදුවීමක් ගැන දෙස් විදෙස් හි අවධානය යොමු වෙලා තියෙනවා.
ඒ අඛණ්ඩව සාමය පවත්වාගෙන යන ලෙස ඉල්ලා සිටිමින් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පියතුමන් දකුණු සුඩාන ජනාධිපතිවරයාගෙන් සහ කැරළි කණ්ඩායම් නායකයාගේ දෙපා සිඹිමින් ඉල්ලීමක් කර තිබෙනවා.
දකුණු සුඩාන ජනාධිපති සල්වා කීර්, කැරළි කණ්ඩායම් නායක රීක් මකා සහ එරට ක්‍රිස්තියානි ආගමික ප්‍රධානීන් පිරිසක් වතිකානයට පැමිණි අවස්ථාවේදී පාප් වහන්සේ විසින් එම ඉල්ලීම කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙන්නේ.
82 හැවිරිදි ශුද්ධෝත්තම පියතුමන් මෙවැනි සංවේදී ඉල්ලීමක් කර ඇති මුල් අවස්ථාව මෙය බවයි විදෙස් මාධ්‍ය දක්වන්නේ.
2011 වසරේදී සුඩානයෙන් වෙන්වී, “දකුණු සුඩාන් රාජ්‍යය” ලෙස ස්ථාපිත වූ මෙම රාජ්‍යය තුළ මේ වන විටත් සිවිල් යුද්ධ හටගෙන තිබෙනවා.
තම දෙපා සිඹ අදාළ ඉල්ලීම කරන අවස්ථාවට ඔවුන් සංවේදී සිතින් මුහුණ දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක්ද මේ වන විට ලෝකයේම අවධානයට ලක්ව තිබෙනවා.
එම වීඩියෝවයි මේ.
