කොරෝනා වයිරසයට බියෙන් මුදල් නෝට්ටු තොගයක් රෙදි සේදුම් යන්ත්‍රයක දමා සේදීමට ගොස් විශාල අලාභයක් කරගත් පුද්ගලයෙකු ගැන දකුණු කොරියාවෙන් වාර්තා වේ.
වොන් 50,000 නෝට්ටු විශාල ප්‍රමාණයක් ඔහු මේ ආකාරයෙන් සේදීමට උත්සාහ ගෙන ඇති අතර ඒවා විශාල වශයෙන් හානියට පත්ව තිබූ බැව් සඳහන් වේ. පසුව ඔහු එම නෝට්ටු බැංකුව වෙත රැගෙන ගොස් මාරු කර ගැනීමට උත්සාහ කර තිබේ. නමුත් ඇතැම් නෝට්ටු මුළුමනින්ම වාගේ හානියට පත්ව තිබූ නිසා ඒවා මාරු කිරීම බැංකුව ප්‍රතික්‍ෂේප කර ඇත.
එතරම් හානි නොවී පැවැති නෝට්ටු ප්‍රමාණයක් මාරු කර දීමට ඔවුන් පියවර ගෙන තිබූ අතර එම නෝට්ටු සඳහා අදාළ පුද්ගලයාට ලැබී ඇති මුදල වොන් මිලියන 23 කි. එය ලංකා රුපියල් ලක්‍ෂ 35කට ආසන්නය. බැංකුව ඔහුට ලබා දී ඇත්තේ අදාළ නෝට්ටුවල වටිනාකමෙන් අඩක් පමණක් බවද සඳහන් වේ. ඒ මෙම නෝට්ටුවලටද සැලකිය යුතු හානියක් සිදුව තිබූ බැවිනි. හානි වූ මුදල් නෝට්ටු සඳහා දකුණු කොරියාවේ බැංකු සම්පූර්ණ වටිනාකම ලබා දෙන්නේ හානිය අවම මට්ටමක ඇත්නම් පමණි. වොන් 50,000 නෝට්ටු 500 කට ආසන්න ප්‍රමාණයක් මේ ආකාරයෙන් ඔහුට මාරු කර දී තිබිණි. මාරු නොකළ නෝට්ටු සංඛ්‍යාව ගැන සඳහන්ව නැත.
