Gossip

වූහාන් සිට එන සිසුන් රැඳවීමට දියතලාවේ කාමර 48 ක් පැය 36 න් හදයි

චීනයේ වූහාන් සිට මෙහි පැමිණීමට නියමිත ශ‍්‍රී ලාංකික ශිෂ්‍යයන් 48 දෙනාට නේවාසිකව ප‍්‍රතිකාර ලබාගැනීම සඳහා ආරක්‍ෂක හමුදාව මැදිහත් වී දියතලාවේ විශේෂ කාමර 48 ක් පැය 36 ක් ඇතුළතදී ඉදිකර අවසන් කළ බව යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඊයේ (30) ප‍්‍රකාශ කළා

මෙසේ පැමිණෙන ශ‍්‍රී ලාංකික සිසුන් 48 දෙනා රැඳවන මෙම කාමර විශේෂ ආරක්‍ෂක කලාපයක් වශයෙන් යොදවන අතර මෙම ආරක්‍ෂක කලාපයට ඇතුළුවිය හැක්කේ හමුදා වෛද්‍ය බළකායේ නිලධාරීන්ට පමණයි.
මෙම කාමර 48 පහසුකම් සහිතව ඉදිකර තිබෙන බව ද හමුදාපතිවරයා පැවසීය.

නෝමන් පලිහවඩන

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!