කොරෝනා වෛරසය පැතිරීම ආරම්භ වූ චීනයේ වුහාන් නගරයේ එම වෛරස් ආසාදනයෙන් මිය ගිය සංඛ්‍යාව අද (17දා ) දිනයේ සියයට 50කින් ඉහළ දැමීමට පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි .මේ අනුව නොබෝදා කොරෝනා වෛරසය නිසා වසා දමා තිබී නැවත විවෘත කළ වුහාන් නගරයෙන් මෙතෙක් වාර්තා වී තිබු කොරෝනා මරණ සංඛ්‍යාවට සඟවා තිබු මරණ 1290ක් අලුතින් එක් කිරීමට බළධාරීන් විසින් පියවර ගෙන ඇති අතර එම සංඛ්‍යාවත් සමගම නගරයේ කොරෝනා වෛරස් ආසාදනයෙන් මිය ගොස් ඇති මුළු සංඛ්‍යාව 3869 දෙනෙකි .
වුහාන් නගරයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාවද බළධාරීන් විසින් 325 දෙනෙකුගෙන් වැඩි කර ඇති අතර මේ අනුව එම ආසාදිතයින්ගේ සංඛ්‍යාව 50,333 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ .මෙම සංඛ්‍යාව චීනයෙන් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව වන 82,367 දෙනාගෙන් තුනෙන් දෙකක පමණ ප්රමාණයකි .
මෙසේ වුහාන් නගරයෙන් වාර්තා වූ කොරෝනා වෛරසයෙන් ආසාදිත වූ හා මිය ගිය සංඛ්‍යාවන් වැඩි කිරීම සම්බන්ධයෙන් චීනයේ “සින්හුවා “නිල පුවත් සේවයට අදහස් දක්වා ඇති වුහාන් නගරයේ නිළධාරියෙකු ප්‍රකාශ කර ඇත්තේ නගරයේ කොරෝනා වෛරස් ආසාදනය පැතිරුණු මුල් අවස්ථාවේදී ඇතැම් වෛද්‍ය ආයතන ක්‍රමානුකුල අයුරින් රෝගීන් ඇතුළත් කිරීම ,ප්‍රතිකාර කිරීම හා දත්ත පවත්වාගෙන යාම සිදු නොකිරීම නිසා ඇතැම් ආසාදිතයින්ගේ තොරතුරු අතුරුදන්ව තිබීමත් ඒවා ගලා ගෙන එම ප්‍රමාද වීමත් මෙම තත්ත්වයට හේතු වූ බවයි .
එහෙත් බටහිර මාධ්‍යයන් පෙන්වා දෙනුයේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු බටහිර නායකයින් කිහිප දෙනෙකුම පසුගිය දිනවල චීනය සිය කොරෝනා වෛරසයෙන් මිය ගිය සැබෑ රෝගීන්ගේ ප්‍රමාණය සඟවා වැරදි තොරතුරු ප්‍රකාශ කරඇති බවට කරන ලද චෝදනා හේතුවෙන් චීන බළධාරීන් මෙසේ සඟවා තිබු කොරෝනා මරණ පිලිබඳ දත්ත නිකුත් කර ඇති බවයි .
