විෂබීජ නාශක අධිභාවිතය හා අනිසි භාවිතය මිනිස් සිරුරට අහිතකර විය හැකි බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.
විෂබීජ නාශකවල අඩංගු කාබොලික් අම්ලය මිනිස් සිරුරට අහිතකර බවත් නිරන්තර ශරීරයේ තැවරීම හේතුවෙන් සම හරහා ශරීරගතවීමට ඉඩකඩ ඇති බවත් මේ නිසා අහිතකර තත්ත්වයන් ඇති විය හැකි බවත් ඔවුහු පවසති.
බිම පිරිසිදු කිරීම, භාජන පිරිසිදුකිරීම ආදිය සඳහා වන දියරවර්ග ද, විෂබීජ නාශක යැයි පැවැසෙන කාබොලික් අඩංගු සබන් වර්ග ද අනවශ්‍ය පරිදි නිතර නිතර භාවිතා කිරීමෙන් වැළකිය යුතු යැයි පාරිසරික විද්‍යාඥ හේමන්ත විතානගේ මහතා පැවැසීය.
එසේ කාබොලික් අම්ලය නිතර නිතර ශරීරයේ තැවරීම පිළිකා කාරක විය හැකි යැයි ද එයින් නිර්නාල ග්රන්ථීන් ඇතුළු අන්තරාසර්ග පද්ධතියට මෙන්ම ප්‍රජනක පද්ධතියට ද හානි සිදුවිය හැකි යැයි ද, කුඩා දරුවන්ගේ වර්ධනයට බලපෑම් සිදුවිය හැකි බව ද කී විතානගේ මහතා ඞී එන් ඒ වලට බලපෑම් පවා එයින් සිදුවිය හැකි යැයි කියා සිටියේය.
කාබොලික් අඩංගු පිරිසිදු කාරක භාවිතයේ දී මේ පිළිබද සැළකිලිමත් වන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටි ඔහු පිරිසිදු කිරීම් සදහා සාමාන්‍ය සබන් හෝ සබන් දියරයක් ප්‍රමාණවත් වන බව ද පෙන්වා දුන්නේය.