මාවනැල්ල පොලිසිය තුලදී හිස පිටුපසට එල්ලකරගත් පහරක් නිසා තරුණියක් රෝහල් ගතකළ සිද්ධියක් ගැන වෙබ් ගොසිප් අපට වාර්තා වුණා.
මේ වනවිට මාවනැල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අදාල තරුණිය මාවනැල්ල පොලිසියේ ඉහළ නිලධාරියෙකු සමග ප්‍රේම සම්බන්ධයක් ඇතිකරගෙන ගොස් තිබෙනවා.
ටික කාලයක් ගිය පසු මෙම තරුණියට දැනගැනීමට ලැබී තිබෙන්නේ අදාල නිලධාරියා විවාහකයෙක් බවයි.
මේ ගැන විමසීමට අදාල තරුණිය පොලිස් ස්ථානය වෙත ගිය අවස්ථාවේදී දෙදෙනා අතර බහින්බස් වීමක් ඇතිවී තිබෙනවා.
එය දුරදිග යාමෙන් පසුව අදාල තරුණිය විසින්ම තමාගේ හිස පිටුපසට තුවාල කරගෙන ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.
