Gossip

අම්මා ඒ කාලෙත් ‍බොඩි ගාඩ් වගේ මාත් එක්කමයි හිටියේ. අපි ඇසුරු කරලා විවාහ වුණා.

නිලන්තිගේ දුව ෂෙනායා විජේසිංහට දැන් අවුරුදු 6 ක්. පාසල් යන්න පටන් අරන්. ඒ නිසා ඇයට ගෙදර වැඩත් වැඩියි. දුවගේ වැඩකටයුතු හැමදෙයක් ම කෙරෙන්නෙ ඈ අතින්. ඊට පස්සේ තමයි රඟපෑමේ කටයුතුවලට යන්නේ.

නිලන්තිගේ ලස්සන නිවහන පිහිටලා තියෙන්නේ කෝට්ටේ ප්‍රදේශයේ. ඇයගේ දෙමහල් නි‍ෙවස හා උද්‍යානය හරි හැඩයි. පර්චස් 15 විතර ප්‍රමාණයක අලංකාර ගෙවත්තක් ඈට තියනවා. ඇගේ සැමියා ව්‍යාපාරිකයෙක්. උද්‍යාන අලංකරණය කටයුතු තමයි ඔහුගේ ව්‍යාපාරය.

“ඔහු ජපානයේ වසර ගණනාවක් හිටියේ. මාව දැකලා අම්මගෙන් තමයි මුලින් ම අහලා තිබුණේ. මොකද අම්මා ඒ කාලෙත් ‍බොඩි ගාඩ් වගේ මාත් එක්කමයි හිටියේ. අපි ඇසුරු කරලා විවාහ වුණා. එයාට කලාව ගැන ලොකු අවබෝධයක් ඇල්මක් තියනවා. කලාකරුවන් බොහෝ දෙනෙක් එයාව දන්නවා‍. එයත් මමත් දෙන්නම කාර්යබහුලයි. උද්‍යාන අලංකරණය ගැන මට නම් කිසිම අවබෝධයක් නැහැ. එයා නිතරම ව්‍යාපාරික කටයුතුවලට පිටට යනවා. ගෙදර ඉන්නේ ටික වෙලාවයි.”

අපේ ගෙදර නිදහසේ ජීවත්වෙන්න හැකි විදිහට තමයි සැලසුම් කරල තියෙන්නේ. හුඟාක් බඩු දාගෙන පු‍රෝගෙන ඉන්න කැමැති නෑ. දරුවට වුණත් නිදහසේ එහෙට මෙහෙට දුවන්න ඉඩ තියෙන්න ‍ඕනෑ.

අනික බඩු හුඟාක් තියෙද්දි ඔළුවට හරි බරක්. සැමියා උද්‍යාන අලංකරණ ශිල්පියෙක් නිසා ‍ ගාඩ්න් එකත් ලස්සනට සැලසුම් කළා‍.

මම උදෙන් ම ගෙදර වැඩ බබාගේ වැඩ ඉවර කරලා තමයි ෂූටිං යන්නේ. සමහර වැඩසටහන්වලට තනියම යන්න වෙද්දී මම අම්මා ළඟ තමයි දරුවා තියලා යන්නේ. දැන් දුව ටිකක් ලොකු නිසා ටික ටික වැඩ භාරගන්න පුළුවන්. ඒත් ගෙදර වැඩයි දරුවගේ වැඩයි කලාවයි සමතුලිතව කරගෙන යනවා.

කොහොම වුණත් හුඟක් කාර්ය බහුල වෙලා ගොඩාක් දේවල් කරන්න මම කැමැති නැහැ. තෝරා බේරාගෙන තමයි කටයුතු කරන්නේ. ටෙලිනාට්‍යය වුණත් කරන්න අමාරුයි. චිත්‍රපටයක් නම් කමක් නැහැ.

ඉදිරියේදී විවිධ චරිත රඟපාන්න කැමැතියි. ඒත් තෝරා බේරාගෙන කරන්න තරම් ලොකු බලාපො‍‍රොත්තු නැහැ. සරලව ජීවිතේ නිදහස්ව ගෙවන්න තමයි මම මනාප. හැම දෙයක් ම ඔළුවට දාගන්න මම කැමැති නැහැ. ඔළුව නිදහස්ව සැහැල්ලුවෙන් තියාගෙන කාටත් කරදරයක්..‍. බරක් නො‍වී ජීවත්වෙන්නට ඇත්නම් ඒ හොඳටම ඇති.

පුංචි කතාබහ නිමා කරමින් ඇය කිව්වේ එහෙමයි.

රිදී තිරයේ දඟකාරිය නිලන්ති ඩයස් – ඇය අපට නිතර නිතර දක්නට නොලැබුණත් ලැබෙන අවස්ථාවලින් ප්‍රේක්ෂක මතකයේ රැඳෙන්නට තරම් දක්ෂතාවයක් ඈ සතු වූ බව නම් නොකියාම බැරිය.

උපුටාගැනිම – සිළුමිණ පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!