ඒරාවුර් පොලිස් බල ප්රදේශයේ අයියන්කේනිහි පෙරේදා (03) දා කාන්තාවක් ගෙල සිරකර ඝාතනය කර තිබේ. බදාදා (03) දා පස්වරුවේ සිදුවී ඇති මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ එරාවුර් අයියන්කේනිහි හි පදිංචිව සිටි 24 හැවිරිදි අබ්දුල් කාදර් ෂියාමියා යන විවාහක කාන්තාවකි.
මැය මීට දින 10 කට පෙර කලින් විවාහක පුද්ගලයකු සමග විවාහ වී ඇත. මෙම ඝාතනය සම්බන්ධයෙන් ඝාතනයට ලක්වූ කාන්තාවගේ සැමියා වන නවාස් මොහමඞ් සෆීක් යන අය පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. මෙම පුද්ගලයා කොළඹ ඔරුගොඩවත්ත ප්රදේශයේ පදිංචි අයෙකි. මීට පෙර එරාවුර් ප්රදේශයේ කාන්තාවක් සමග විවාහ වී දරුවකු ද සිටින අතර එම විවාහයෙන් දික්කසාද වී දින
09 කට කලින් දැනට ඝාතනයට ලක්වී ඇති කාන්තාව සමග විවාහ ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලින් හෙළි වී ඇත.
කාන්තාවට පහරදී ගෙල සිරකර ඝාතනය කර ඇති බව පැවසෙයි. මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මඩකලපුව ශික්ෂණ රෝහලට රැගෙන ගොස් තිබිණි. පරීක්ෂණයෙන් පසු සිරුර ඥාතීන් වෙත භාරදී ඇත.
එරාවුර් පොලිසිය පරීක්ෂණ පවත්වයි. සැකපිට අත්අඩංගුවට පත් පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
