Gossip News

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ තීරණයට අනුව පක්ෂ නායකධූරය සජිත්ට..

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකධුරය සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙනවා.

ඒ අද(05) පස්වරුවේ පැවති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදීයි.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පස්වරු 03.00ට මෙම සාකච්ඡාව ආරම්භ විය.

විපක්ෂනායක ධුරය සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටළුව හා එක්සත් ජාතික පක්ෂ නායකත්වය ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව මෙහිදී සාකච්ජා කර තිබෙනවා.

සාකච්ඡා අවසන් වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පවසා සිටියේ, සතියක් තුළ පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු හා ඉදිරි වැඩපිළිවෙල පිළිබඳ අවසන් තීරණයක් ගනු ඇති බවයි.

මේ අතර පක්ෂ නායකත්වය ගැන ඉදිරියේ දී තීරණය කරන බවද වාර්තා වෙනවා.

කෙසේ වෙතත් අද සවස එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මාධ්‍ය හමුවක් ද පැවැත්වීමට නියමිතව ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!