පසුගියදා අපේ රටේ සිදුවූ බෝම්බ පිපිරීම් සහ අනෙකුත් ත්‍රස්තවාදී ක්‍රියාවන් නිසා අපේ රටේ බාල පරම්පරාවත් පීඩාවට පත්වුණා.
පාසල් ළමුන්ට පාසල් යන්න පුළුවන් වටපිටාවක් නිර්මාණය වුණේ නැති නිසා අතිරේක නිවාඩු පවා පාසල්වලට ලබාදුන්නා.
මේ දිනවල පාසල්වලට ඇතුළුවෙන දරුවන්ගේ පොත් බෑග් පවා දැඩි පරීක්ෂාවට ලක් කරන අයුරු තමයි අපට දැකගන්නට ලැබෙන්නේ. ඒ හැමදෙනාගෙම ආරක්ෂාවට. මේ වෙනුවෙන් පාසල් ලමුන්ට විනිවිද පෙනෙන පොත් බෑග ගෙන එන ලෙසත් පාසල්වලින් නියෝග කෙරුණා.
කොහොමවුණත් මේ හැමදේකින්ම පීඩාවට පත්වුණේ අපේ රටේ දරු පරපුර.
ඉතින් අපි මේ කියන්න ශ්‍රී දේවානන්ද පාසලේ ළමුන්ගේ මුහුණට සිනවක් ගෙන එන්න කෙරූ අපූරු වැඩක් ගැන.
මේ එහි ඡායාරූප කිහිපයක්.
