ගම්පොළ අධ්‍යාපන කලාපයට අයත් උල්පනේ අල් ඉකර් විදුහලේ විදුහල්පතිට පහර දී ඇති බවට සිද්දියක් වාර්තා වෙනවා.
විදුහල්පති විසින් පාසලේ සිසුවෙකුට ප්‍රේම සම්බන්ධතාවකට අවවාද කර නිසා එයට තදබල ලෙස තරහා ගත් සිසුවා තමන්ගේ සහෝදරයා සහ පියා ගෙන්වා ඔවුන් ලවා විදුහල්පතිට පහර දී තිබෙනවා. මේ හේතුවෙන් ඊයේ ගුරුවරු පාසල තුළ වර්ජනයක් අරම්භ කර තිබෙනවා.
පොල්ලකින් සහ අතින් පයින් විදුහල්පති ඒ.එච්.එම්.අන්සාර් මහතාට මෙසේ පහර දී ඇති අතර විදුහල්පතිගේ දේපල වලටද හනි සිදුකර තිබෙනවා.
සිද්දිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ ගම්පොළ පොලීසිය සිසුවාගේ සහෝදරයා පොලිස් භාරයට ගෙන තිබෙන අතර සැගව සිටින අනිත් සැකකරුවන් සොයා මේ වන විට පරීක්ෂණ ආරම්භ කර තිබෙන බවට වාර්තා වෙනවා.
