කෙන්යාවේ වික්ටෝරියා විල අසල සෙල්ලම් කරමින් සිටි දරුවකු හිපපොටේමස් සත්ත්වයෙකු විසින් ඩැහැගෙන යෑමෙන් පසු මරණයට පත් වී ඇත. මෙම දරුවා පැහැරගෙන යෑම දුටු ගම්වාසීහු කෑ කෝ ගසමින් හිපපොටේමස් සත්ත්වයාට ගල්වලින් පහරදී තිබේ. හිපපොටේමස් විසින් දරුවා මුදාහැර ඇතත් ඔහු දියේ ගිලී මිය ගොස් ඇත.
