වැසිකිළි වලක් පුපුරා යාම හේතුවෙන් කුඩා දැරියක් මිය යෑමේ පුවතක් දෙල්ගොඩ ප්රදේශයෙන් වාර්තා වනවා.
දෙල්ගොඩ උඩුපිල ප්රදේශයේ නිවසක වැසිකිළි වලක් උතුරා යෑම වැළැක්වීම සඳහා එම නිවෙස් හිමියා වැසිකිළි වළට යෙදූ කාබයිට් ප්රතික්රියා කර පුපුරායෑමෙන් ඔහුගේ දහතුන් හැවිරිදි දියණිය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඇගේ මව ද මේ වන විට ගම්පහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබන අතර ඇයගේ පාද දෙකම දණහිස අසලින් කපා ඉවත් කිරීමට සිදුව ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.
