වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ අද (19) දහවල් වනවිට මරණ දෙකක් වාර්තා වූ බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය.
රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අලූපොල ප්‍රදේශයේ කඩාවැටුණු පස්කන්දට යටවීමෙන් කුඩා දරුවෙකු මරණයට පත්ව ඇති බවත් ලෙල්ලොපිටිය, බරැණ්ඩුව ප්‍රදේශයේ නිවසකට ගලක් පෙරළීමෙන් තිස් හතර හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ද එම ප්‍රකාශකයා පැවසීය.
සුලූ පරිමානයේ නායයාම්, පස්කදු සහ ඉවුරු කඩා වැටිම් කිහිපයක්ම වාර්තාවී ඇති බව ආපදා කළමනාකරණ රත්නපුර මධ්‍යස්ථානය පවසයි. කොළඹ බළන්ගොඩ ප්‍රධාන පාරේ පතුල්පාන ප්‍රදේශයේදී ස්ථාන කිහිපයකින් පාරට ඉවුරු කඩා වැටී ඇති බව වාර්තා විය.
මේ අතර 19දා දහවල් 02.30 වනවිට කලූගෙග් ජලමට්ටම මීටර් 8.56ක් හෙවත් අඩි 28යි අගල් 01 බව රත්නපුර මුවගම ජලමාපකයේ දැක්විනි. මේ වනවිට රත්නපුර ප්‍රදේශයේ සුලූ ගංවතුර තත්ත්වය ඉක්මවා මහ ගංවතුරක අවදානම් මට්ටමට කලූගගේ ජල මට්ටම ඉහළ ගොස් ඇතිබව රත්නපුර දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු අරුණ සමරසිංහ මහතා පවසයි.
මුවගම ජල මාපකයේ මීටර් 09.5 ඉක්මවුව හොත් එය මහ ගංවතුර මට්ටමකි. රත්නපුර, කුරුවිට, ඇහැළියගොඩ, කිරිඇල්ල, අයගම, පැල්මඩුල්ල, යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල පහත්බිම් රැසක් මේවනවිට ජලයෙන් යටවී ඇත.
අජිත්ලාල් ශාන්තඋදය
